IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


නවක වෛද්‍යවරු 1080 කට පත්වීම්

සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදීමේ උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (26) පැවැත්විණි.

වෛද්‍යවරු විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාතේ රෝහල් වලටද, සේවා අවශ්‍යතාවයේ ප්‍රම්‍රඛතාව සළකා අනෙකුත් පළාත් රෝහල් වලට ද ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම උත්සවයට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන අමල් හර්ෂ ද සිල්වා, ලාල් පනාපිටිය, අධ්‍යක්ෂ වෛද්‍ය සේවාප්‍රියන්ත අතපත්තු මහතා ඇතුළු වෛද්‍යවරුන් එක්ව සිටියහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (13)

නවක වෛද්‍යවරු 1080 කට පත්වීම්

ලක්සිරි Tuesday, 26 February 2019 05:02 PM

අර දොස්තර මාෆියා සංගම් නඩය මේ නිසා වර්ජනයකට සැරසෙන්නේ නැද්ද?

:       1254       850

smnWednesday, 27 February 2019 05:02 AM

මේ රොත්තත් ඒ මාෆියාවම ශක්තිමත් කරන්නටයි පත් කරල තියෙන්නෙ. කඩේ ඇරල අවුරුද්දක් දෙකක් යනකොට වැඩේ පෙන්නයි.

:       10       1

Rasika Wednesday, 27 February 2019 02:59 AM

අයියෝ ලක්සිරි ඔයා නම් මාර ඇරියස් කාරයෙක්

:       1       19

isurandi Wednesday, 27 February 2019 04:48 AM

දෙස්තරලනම් එමටයි.රජයේ රෝහලකට ප්‍රතිකාර සදහා ගියාම අපාදුක් විදිනවා. මේ කවුරුත් තව ටික කාලෙකින් සල්ලි පස්සේ දුවයි.

:       14       59

tikiri Wednesday, 27 February 2019 05:24 AM

කොහොමටත් වෛද්‍ය විද්‍යාලයෙන් සමත් වන අයට රැකියා වසරකට වරක් පත්වීම් දීම ඇමතිගේ හපන් කමක් නෙමයි එසේ නොවුනානම් තමයි වැරැද්ද .

:       0       1

Gamage Wednesday, 27 February 2019 05:32 AM

මෙම පත්වීම ලබූ සියලු දෙනා දෑනට තමන් ලබු ලකුණු අනුව ප්‍රමුඛත්වය ගෙන ලංක‍වේ විවිධ ප්‍රදේශයන්ට පළමු පත්වීම ලබන්නන්. නව වෛද්‍යවරු සියලු දෙනාට සුබ පතනව ලංකාවටට තවතවත් සේවය කරන්නට!

:       0       29

Shantha Wednesday, 27 February 2019 06:09 AM

දාල තියෙන ගොන් අදහස් දැක්කහම මටනම් හිනාත් ගියා. දොස්තර මාෆියාවක් ගැන කියවනවා ඒත් රජයේ විශ්වවිද්‍යාල වලින් එලියට එන වෛද්‍යවරුන්ට පත්වීම් දෙනවට සමහරු විරුද්ධයි. තව කෙනෙක් කියනවා රෝහල් වල ඇති වෙන්න වෛද්‍යවරු ඉන්නවා කියල. ඒත් රටේ සමහර පළාත් වල රෝහල් වැහිලා වෛද්‍යවරු නැතුව. හරියට දෙයක් හොයල බලන්නෙ නැතුව කට වාචාල කමට කියවන එක සමහරුන්ට නම් විනෝදයක් වගෙයි පේන්නෙ. එක නිසා තමන්ගෙ අදහස් දාද්දි ගොන් කම ප්‍රදර්ශනය නොකර හිටියනම් තමයි හොඳ. මොකද ඒවගෙන් පේනව පැහැදිලි ඉරිසියාව, කුහක මානසිකත්වය සහ වෛද්‍යවරුත් එක්ක තියෙන ජම්මාන්තර වෛරය. තමන් ඉගෙන ගත්තේ නැතුව එක එක අගු පිල් වල ලැගල ඉඳල ඒත් ඉගෙන ගත්ත මිනිස්සුන්ට ගරහන එක හරි කැතයි නේද?

:       8       64

Kumar (Galf)Wednesday, 27 February 2019 12:55 PM

ශාන්ත මහත්තයා කියලා වැඩි වෙලාවක් යන්න කලින්ම ශාන්ත මහත්තයා කියපු දේ ඔප්පු කරලා කට්ටියක් තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා දැක්කහම මට නම් පුදුම හිතුණා. ඔබතුමා කොහොමද මේ වගේ ගොන් මොළ ටිකක් ගැන කලින්ම අනාවැකි කිව්වේ. හොරා කන ඇමතිව නොපෙනෙන, හොර බෙහෙත් ගෙන්වන ඇමතිව නොපෙනෙන, රටටම වහ දෙන ඇමතිව නොපෙනෙන මී කුලයේ ලක්ෂ 62 දොස්තරලට නම් බනින්න දන්නවා. "හැමෝටම ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙනගෙන නමුත් මී කුලයේ අය මෙන් රස්තියාදුකාරයින් නොවී නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්‍රතිඵල ලබාගෙන වෛද්‍ය රැකියාව කරන බුද්ධිමතුන්ට ගෞරව කරන්න දන්නෙත් ඉගෙනගත්ත මිනිහෙක් විතරයි" කියලා මමත් ශාන්ත මහත්තයා කිව්ව දේට කොටසක් එකතු කරන්න කැමතියි. කොහොම උනත් ඉගෙන ගත්ත කාටවත් මේ රටේ විතරක් නෙමෙයි ඕනෙම රටක ඉතා ඉහළ මට්ටමේ පඩි සහිත රස්සාවලට යන්න පුළුවන් කියලා දන්නෙත් බුධිමතුන්ම විතරයි කියලත් කියන්න කැමතියි. ඒකට වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනෙ නැහැ. පරිගණක, සිවිල්, ඉලෙක්ට්‍රොනික් වගේ ඕනෙම ක්ෂේත්‍රයකින් යන්න පුළුවන් කියලා දන්නෙත් බුද්ධිමතුන්ම විතරයි. එහෙම නැතුව තමන් රස්තියාදු කාරයෙක් වෙලා අනික් මිනිස්සුන්ගේ බුද්ධියට ගැරහුවට වැඩක් නැහැ.

:       0       24

jayath Wednesday, 27 February 2019 06:19 AM

ඉස්සෙල්ලම මේ නඩයට උගන්නන්න ඕන 1) ඉන්දියන් ගිලන් රථ වලට ගල් ගහන්න 2)බීල , මහා රෑ වාහන එලවල අහිංසක සිවිල් වැසියන් යටකරල මරන්න 3) එහෙම මරල බන්ධනාගාර ගත වුනාම රජයේ රෝහලකට අරගෙන බොරු ලෙඩ වලට සහතික දෙන්න 4) පශ්තාත් උපාදිය ගත්තට පස්සේ ෂයිලොක් තියරියෙන් චැනල් සේවයේ යෙදෙන්න 5) බෙහෙත් කොම්පැනි කාරයොත් එක්ක සමගිවෙලා මිල අදිකම වෙළඳ නාම වලින් විතරක්ම බෙහෙත් ලියන්න , අවසානයට අර සුප්‍රකට සෛටම් නාටකය වගේ එකක් රඟපාන්න අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්න

:       24       312

banda Wednesday, 27 February 2019 08:19 AM

තව අවුරුද්දක් යනකොට මේකෙන් බාගයක් ඉන්නේ පිටරට..

:       12       1

sirilWednesday, 27 February 2019 10:13 AM

පිස්සුද දොස්තරලට ලංකාවේ වගේ වෙන කිසිම රටක හම්බුකරන්න බැහැ .

:       0       0

රොෂාන් Wednesday, 27 February 2019 08:49 AM

ලෝකයෙන්ම අහිංසක රෝගීන්ගේ ජීවිත උගසට තබා, මුදල් සූරාකන දොස්තර මුදලාලිලා ඉන්න රටේ, ඒ නරුම සෙට් එකට මේ අලුත් අයත් එක්වෙනවද? අහිංසක ජනතාව ගේ බදු මුදලින් ඉගෙන ගත්තු ඔබලාවත් මේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් යමක් කරන්න.

:       12       1

Mahee Wednesday, 27 February 2019 09:31 AM

අසිත තවුසාට වගේ මට හිනහ යනවත් එක්කම ඇඬෙනවා. දුප්පත් රෝගීන්ට ශාන්තියක් නේද කියල හිතෙනකොට සතුටුයි. අර මාෆියා කල්ලියත් එක්ක එකතුවෙලා ඒ දුප්පත් රෝගීන්ම ප්‍රාණ ඇපයට ගන්න තවත් පිරිසක් නේද මේ එකතුවුනේ කියලා හිතෙනකොට ඇඬෙනවා...

:       14       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1110 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 421 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site