
(*** සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට තේරීපත්වුණු නවක මන්ත්‍රීවරුන් 65 දෙනකු කොළඹින් නිල නිවාස ඉල්ලා අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
කොළඹ නිල නිවාස ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කළ පිරිසෙන් බහුතරයක් යාපනය, මඩකළපුව, අම්පාර, බදුල්ල, මොනරාගල හා හම්බන්තොට යනාදී ඈත දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් විසි දෙනකු පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසවලින් ඉවත්ව ගොස් නැති හෙයින් පාර්ලිමේන්තුවට අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන්ට නිවාස සැපයීම බරපතළ ගැටලුවක් වී තිබෙන බවයි.
හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාසවලින් ඉවත් වන ලෙසට ඉකුත් සතියේදී නැවතත් දැනුම් දී ඇතැයිද නියෝජ්‍ය මහ ලේකම්වරයා කීය.
මේ අතර සිඩ්නි ජයරත්න, එම්. නසීර් යන හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාත් ශාස්තිනී ශ්‍රී ස්කන්ධරාසා යන හිටපු මන්ත්‍රීවරියන් නිල නිවාස බාරදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඊයේ (14) පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිය බඩු බාහිරාදිය රැගෙන මන්ත්‍රී නිල නිවාසවලින් පිටව ගොස් ඇතත් විධිමත් ආකාරයට ඒවායේ යතුරු බාරදී නැතැයි වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවට අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන්ට නිල නිවාස සැපයීමේදී වැඩිම දුර පදිංචි අයට ප්‍රමුඛත්වය ලබාදෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු ප්‍රකාශ කරති.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නව වැනි පාර්ලිමේන්තුවට තේරීපත්වුණු නවක මන්ත්‍රී මන්ත්‍රීනියන් සංඛ්‍යාව හැත්තෑ දෙකකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු "මන්ත්‍රීයොන්" ටික අදාළ නිවාස බාර නොදීම නිසා මහජන මුදල් වැයකර අලුත් "මන්ත්‍රියන්ට" නිවාස කුලියට ලබාදී සුදුසුද යන්න තේරුම් ගැනුමට පෙර හැකි ඉක්මණින් නීතිමගින් කටයුතු කර එම නිවාස ලබා ගැනුම සුදුසු නොවේද? රජයේ සේවකයකු තමන්ට අදාළ නිල නිවාසය බාරදීමේදී, බාරදීම ප්‍රමාදවීම නිසා ක්‍රියා කරන ආකාරයට ඇයි මේ "පිංගුත්තරයින්ට" ක්‍රියාත්මක කිරීමට නොහැකි? මෙම කාලකන්නින් දිව්‍යලෝකෙන් ආපු හිඟන්නන් නිසාද?
කොහේ හරි බෝඩිං වුණොත් නරකද?
ඔන්න පටන්ගත්තා කන්න ඉල්ලන්න.
ඒ කියන්නේ පරණ මන්ත්‍රීවරු ඔක්කොම කොළඹින් ගෙවල් හදාගෙනද?
මන්ත්‍රී නිලනිවාස මදිද?
රටට බරක් නොවී ජීවත් වෙන්න මොවුන් කවදාද උත්සාහ කරන්නේ?