(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
ඇමැතිධූර අහිමි වූ හිටපු ඇමැතිවරුන්ට නිල නිවාස ඉකුත් 20 වැනිදාට පෙර ආපසු බාරදෙන ලෙස දැනුම් දුන්නද එසේ නිල නිවාස ආපසු බාරදී ඇත්තේ කිහිපදෙනෙකු පමණක් බව කී එම නිලධාරියා තවත් 13 දෙනෙකු එම නිවාස බාරදී නැති බව කීවේය.
හිටපු ඇමැතිවරුන් එම නිල නිවාස ආපසු බාරදී නොමැති නිසා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසකට නිල නිවාස බාරදීමට නොහැකි වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව පාලනය කරන්න එන අයගේ විනය ගැනත් උන් අයිති දේශපාලන පක්ෂවල විනය ගැනත් ඒ පක්ෂ නායකයින්ගේ විනය ගැනත් මේ වැඩවලින්ම පේනවා.
මොන නඩුද, ඊලගට එම නිවාස හිමි ඇමතිට කියන්න බලෙන් ගිහිල්ලා පදිංචි වෙන්න කියලා. දැන් ඔවුන් ඇමති වරු නොවෙයි.
ඔය නඩුඅහලා තීන්දු දෙනකොට මේ මැති ඇමතිලා මැරිලත් අවුරුදු ගාණක් ගිහින් තියේවි...
මොන නඩුද? බෙල්ලෙන් අල්ලලා එලියට දමන්නේ නැතිව...
දවසක් හරි පිනටම වැඩ ටික කරගන්න හැමවිටම උත්සාහ කරන පිං මාමලා ටිකක් තමයි අපේ දේශපාලුවන් 225ම...
අාසාවනේ පව්... තව ටිකක් කල් දෙන්න.
මේ ගොල්ලන්ට ඡන්දෙ දුන්නේ කවුද ඉතින්? මේ පාරත් මේ ගොල්ලන්ටම දෙන්නකෝ දැන් බැන බැන ඉඳලා.. හැමදාම කරන්නේ ඒකනේ...
"බමුණු, පාර්ලිමේන්තුව විසිරුවාට කැබිනට් ඇමතිවරුන්ගේ නිලයන් තාවකාලික පදනම මත එසේම පවතියි. විශේෂ අවස්ථාවලදී ඔවුන්ට රැස්වී තීන්දු ගතහැකියි. "මේ ඔබේ කතාව... මෙන්න අමාත්‍යංශයේ කතාව... "ඇමැතිධුර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.