
පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි ජපන් මිත්‍රත්ව පාලම අසළ කපා කොටා දැමූ මළ සිරුරක් අද හමුවීමත්, එවැනි බොහෝ සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදී කීවේය.
මෙවැනි සිදුවීම් වන්නේ කෙසේදැයි රජය සොයා බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය.
ද අයිලන්ඩ් මාධ්‍යවේදියකු ද මියගොස් සිටියදී තලවතුගොඩ නිවසකින් හමවූ බවත් මේවා සැක සහිත සිදුවීම් බවත් ඔහු කියා සිටියේය.
COMMENTS
දැන් ජනතාව තුනෙන් දෙකක් දීලා තියෙන නිසා තුනෙන් එකක් මැරුවට කමක් නැතුව ඇති මගෙ හිතේ. වැරදිලාවත් හතරෙන් දෙකක් මැරුවොත් කියන්න.
87-89 කාලෙත් හරියට සැක සහිත මරණ සිදුවුණ හැටි මතකයි.
මේවා මර්ධනය කරන කොට සුදු වෑන් කියනවා. කිසිම රජයක් අපරාධ මර්ධනයට සමත් වී නොමැත. අපරාධකරුවන් බොහෝමයක් පාර්ලිමේන්තුවේද ඉන්නවා. එක්කෙනෙක් 60000ක් පමණ ජීවිත අහිමිවීමට වගකිව යුත්තෙක්..
ලසන්ත ගිය පාරේම යැව්වද කියලා හොයලා බලන්න.. කෝ අද ස්වාධීන අධිකරණයක්..? කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක්..? කාලයේ වැලිතලාවෙන් වසා දමන සමහර ප්‍රශ්නකාරී සිදුවීම්, කාලයකට පසු කාලයා විසින්ම හෙළිදරව් කරනවා. එ්ත් කාලයටම ඉඩදී බලාගෙන සිටීම මිනිසත්කමට කරන නින්දාවක්ම නොවන්නේද?
දැන් ඉතින් පුරුදු පරිදි ගමන් යයි. ඉදිරියට ලොකු ගමන් තියෙයි.
නලීන් බණ්ඩාරට ඕනෑවෙලා තියෙන්නේ මේ මරණ ආණ්ඩුවේ ගිණුමට බැර කරන්නද? මන්ත්‍රීකම නැමැති රෙද්ද වහගෙන කෑගහන්න එපා.