
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායිකාවක සහ සංගීත අධ්‍යක්‍ෂකවරියක වූ, අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉතාලියේ මිලානෝහි මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු එරට දී ඊයේ (17) අභාවප්‍රාප්ත විය.
නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ඇය ඉකුත් 29 වැනිදා වැඩ භාර ගත් බව ද එම නිවේදනයෙහි සඳහන්ය.
නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කරන බවත්, ඇගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පළ කරන බවත් එම නිවේදනයෙහි සඳහන්ය.
COMMENTS
විදේශ විනිමය? ආච්චිලා සීයලාට සැප ගන්න දෙන තනතුරු.
ඒකටත් ඉතිං අපේ ඩොලර් තමයි. පණ හයිය එකෙක් දැම්ම නම් මේක වෙන්නෙ නැහැනෙ. මෙතුමිියටත් පරන පවක් පලදීල මේ තනතුර ගන්න හිත දෙන්න ඇත්තෙ. අපරාදෙ හැකියාව තනතුරකට බාල්දු උනා.
මරලා හෝ බලයේ සිටින්න කියා හැඟීමක් කලාකාරියකට ඇතිවීම හිතාගන්නත් අමාරුයි. කෙසේ හෝ දක්ෂ විදේශ සේවා නිලධාරියෙක් මේ තනතුරට පත්කරන්න.. නැත්නම් ඊළඟ කෙනාටත් ආතතිය හැදෙයි.
මෝඩ රැල අදපල්ලා... ඒ මළමිනියේ බරත් නුඹලාගේ කරපිටින්. ලංකාවේ බහිරවයින් වගේ ඉපදිලා ඉතාලියේ බින්න බහින්න වෙන්න ඇති හිතාගෙන ඉන්න ඇත්තේ...?
ඔබතුමිය තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර, අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...
ඇය සිටියේ හොඳටම අසනීපෙන්... ඇයගේ සෞඛ්‍ය තත්වය වත් නොබලා මෙවැනි රාජකාරියකට අනුයුක්ත කළේ මොන මගඩියක් නටන්නද?
මේ අපත ජෙප්පොන්ගේ අමන කතා .මේ අපතයද නීලා මහත්මියගේ පුද්ගලික වෛද්‍ය වරිය .හොඳ ශරීර සෞඛයකින් සිටියා.හර්ධ්‍යා භාදයක් ඕනෑම මොහොතක කෙනෙකුට එන්න පුළුවන් බව මේ අපතයා නොදනී
ඔබ තුමියට නිවන් සුව ලැබේවා