(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝග කළේය.
එම සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකරු වන ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නැමැත්තා ද 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
එමෙන්ම , හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අය බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ගිලන් රථයකිනි. මෙම සැකකරු ස්නායු රෝගයකින් පෙලෙන බැවින් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බවට බන්ධනාගාරය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ කාගේත් ඔක්කොම රෝග බන්ධනාගාර ගත උනාම තමයි.