IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාලක ද සිල්වා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

වැඩ තහනමකට ලක් කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගත් බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නාලක ද සිල්වා මහතා පෙත්සම ගොනු කර තිබිණි.
 
ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවිණි.
 
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  තම සේවාදායකයාට එරෙහිව සිදුකරන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සහ තම සේවාදායකයාට හිමිවිය යුතු  වැටුප  ගෙවීම සම්බන්ධයෙන්  වගඋත්තරකරුවන් සලකා බැලීමට සූදානම් නම් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කරන බවය.
 
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවය.
 
එසේම පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම ජාතික පොලිස් කොමිසම විසින් නීතිපතිවරයා ගෙන් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ළගදීම ජාතික පොලිස් කොමිසම වෙත යවන බවද   නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.
 
එම කරුණුවලට දෙපාර්ශවය විසින් එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණය අවසර දුන් අතර ඉන්පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
 
වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කාර නාලක ද සිල්වා මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
 
පෙත්සම්කාර නාලක ද සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (1)

නාලක ද සිල්වා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී

Raveendra Tuesday, 15 September 2020 12:37 PM

පසුගිය දවස්වල දැක්කේ ඔන්න මලා, මෙන්න මලා විදියට... එ් කියන්නේ අතිදක්ෂ නළුවෙක් නේද රඟපෑමට? ඉන්දියාවේ කසිකබල් ටෙලි නාටක බලබලා ඉන්න අපට බැරිවෙයිද? මේ ගොයියාට රඟපාලා නාටකයක් දෙකක් හදලා අපිට බලන්න සලස්සන්න...

:       0       743

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site