IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නාලක අත්අඩංගුවට ගත්තේ ඒ.එස්.පී ඝාතන කුමන්ත්‍රණයටයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක


 
ඉන්දිකා රාමනායක
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා  මහතා ප‍්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගත්තේ  සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසන්න සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (26) පැවසීය. 

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කුමන්ත‍්‍රණය කළ බවට  නාමල් කුමාර මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙතත් ඔහු  අපරාධ පරීක්ෂණ  දෙපාරමේන්තුව වෙත යොමු කළ කිසිදු හඬපටයකින් එවැන්නක්  තහවුරු වී නොමැති බවත් යම් යම් කරුණු පදනම් කරගෙන ඒ ඔස්සේ ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කිරීමට තැත් කිරීමේ  කුමන්ත‍්‍රණ සිද්ධිය සම්බන්ධයෙන්  තවදුරටත්  පරීක්ෂණ පැවැත්වෙන බවත්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ අද (21) පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙම විමර්ශන හඬපට මත පදනම් වූ විමර්ශනයක් නොවන බවත්  සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසන්න අල්විස් මහතා  ඝාතනය කිරීමට  කුමන්ත‍්‍රණය කිරීමක්  සම්බන්ධයෙන් නාමල් කුමාරගේ පැමිණිල්ලේ සඳහන් වූ බවත් ඒ ඔස්සේ  සිදුකළ පරීක්ෂණ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට සාධාරණ කරුණු  එකතු වීම හේතුවෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය. 

ජනාධිපතිවරයා හෝ හිටපු ආරක්ෂක ලේකම්වරයා  හා සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඝාතනය කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාරගේ පැමිණිල්ලේ සඳහන් වුවද ඔහු ඉදිරිපත් කළ හඬපටවල  ජනාධිපතිවරයා හෝ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණයක කිසිදු සඳහනක් නොමැති බවද  රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. 

නාමල්  කුමාර යන අයගේ  ජංගම දුරකතනයේ තිබු හඬපටවල් කිහිපයක් ඔහු විසින් මකා දැමූ බවට කියන ප‍්‍රකාශය අනුව ඉදිරි දින කිහිපයේ එම දුරකතනය විදේශ රටකට  යවා  විශේෂඥවරයකු වෙත යොමු කර එම හඬ පටවල් නැවත ප‍්‍රතියුත්පාදනය කිරීමට බලපොරොත්තු වන බවත්  හෙතෙම සඳහන් කළේය.



අදහස් (4)

නාලක අත්අඩංගුවට ගත්තේ ඒ.එස්.පී ඝාතන කුමන්ත්‍රණයටයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සෙනෙවි Friday, 26 October 2018 12:36 PM

මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්...

:       78       1

sirimal Friday, 26 October 2018 12:50 PM

මේ වනවිට එල්ටීටීඊ සැකකරුවෙකු හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට නොගන්නා යුගයක ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියාව සිටි නාලක සිල්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගැනීම බරපතල කාරණයක් බව ඔහුගේ නීතිඥ අජිත් පතිරණ කියනවා නේද? අජිත් පතිරණගේ ප්‍රකාශයේ “ නාලක ද සිල්වාට එරෙහිව තිබෙන්නේ සාක්ෂි 2 යි. එකක් පැමිණිලි කරුගේ සාක්ෂිය. අනෙක හඬ පට සම්බන්ධ රස පරීක්ෂකගේ වාර්තාව. රස පරීක්ෂක වාර්තාවේ පැහැදිලිව කරුණු 3 ක් සඳහන් වෙනවා. 1. හඬ පට සංස්කරණය කර තිබෙන බව. 2. ඒ සඳහා මෘදුකාංගය භාවිතා කර තිබෙන බව. 3. මේවා හරියටම පරීක්ෂා කරන්නට තම ආයතනයට තාක්ෂණික උපකරණ නෑ කියන කාරණා තුන... තවත් වැදගත් දෙයක් නම් ඔය කියන කතාව පටිගත කරලා තියෙන්නේ 2018 සැප්තැම්බර් 09 වෙනිදා. ඒත් සිද්ධිය වෙලා තියෙන්නෙ ඊට ඉස්සෙල්ලා." (උපුටා ගැනීම අවසන්) ගෝඨාභය ඝාතන කතාව දිගට හරහට ප්‍රචාරය දෙමින් සමහර මාධ්‍ය මේකත් දේශපාලන වාසියකට හරවා ගන්න ගන්නා ලද උත්සාහය කණගාටුදායකය. නාලක සිල්වා යනු ලංකාවේ ලාබාලම නියෝජ්‍ය පොලිස්පතිවරයාය... පොලිසිය අභ්‍යන්තරයේම තිබෙන කැපිලි කෙටිළිද මේ සිදුවීම් පිටුපස තිබෙන්නට බැරි නැත.

:       53       0

ගල්කටස් Friday, 26 October 2018 01:31 PM

අම්මපා දැන් නම් සිරි ලංකාවේ පොලිසියට වෙලාතියෙන දේ දැක්කාම නම් දුකයි. පොලිස්පති හවුල් මේකට... එයානේ මුලින්ම කිව්වේ හඬපට බොරු එ්වා සැකයි කියලා... හත්පලේම ගාගෙන කෙබර කෙලිනවා.. මාධ්‍ය ඉදිරියට ඇවිත් මිනිසුන් පොලිසියට ගරු නොකරන තත්වයකට මේ කෙබර නිසා පත් වුවහොත් රටෙ නීතිය හා සාමයට මුහුණපාන බරපතල ඛේදවාචකය ගැන තැකීමක් නැහැ. මෙයාලා කරන්නේ තමන්ව රවටා ගැනීම සහ රටවැසියන් රැවටීමට උත්සාහ කිරීමයි... අහෝ රටකට ගිය කලක්.. එ්කට ඕනෑ යමපාලනයක්...

:       0       26

wishwa Friday, 26 October 2018 06:33 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමනි, ඔයා කියන ඔය කතාව ඇත්තම ඇත්තද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site