
(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ තිරුකුමාර් නඬේසන් මහතා සිදුකරනු ලැබූ ගණුදෙනු පිළිබඳ පැන්ඩොරා පත‍්‍රිකා මගින් හෙළිදරව් වූ ආන්දෝලාත්මක කරුණුු සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පැන්ඩොරා පත‍්‍රිකා මගින් හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 18 කගේ අත්සන් සහිත එම පැමිණිල්ල භාරදෙනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, ජේ. සී අලවතුවල, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ධනය තියෙන්නේ කවුරුන් ගාවද කියලා දැන්වත් තේරෙන්නේ නැද්ද? බයියෝ මේවත් සාධාරනීකරනය කරන්න ක්‍රමවේද සොයනවා ඇති. බයියෝ හිතාගෙන ඉන්නේ හොරකම් කරන සල්ලි වලින් කොටසක් ඒ අයටත් එනවා වාගේ.....!
මේ පිටිගල මිලානෝ කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේනේ .යහපාලන කාලයේ කොහොමද දන්නේ නැහැ හිටියේ
මෙයාලට ජීවිත කාලෙම ඉන්න වෙන්නේ මෙහෙම තමයි වෙන විකල්ප නැහැ
එතකොට නැව් ගිලපු අය , පැනමා සල්ලි ගැන දැං අමතකයි ද .එයාල ගැනත් පරීක්ෂණ කරන්න කියන්න .