(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 442 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අනුව ඔක්තෝම්බර් මස 30 වැනි දින සිට නිරෝධායන නීති සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයන් 42789 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කියයි .
ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 14 දී පොලිසිය වාහන 3935 ක් සමග පුද්ගලයන් 6694 දෙනකු පරික්ෂාවට ලක්කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd