(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා ඉවත් කළ ඊයේ (21) දිනය තුළ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ 396 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පිරිස අතරින් බහුතරයක් සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව සහ සාමාන්‍ය වෙළෙඳසල් ආශ්‍රිතව අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කියා සිටියේය. .
මුහුණු ආවරණ නොපැලදීම,සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
සංචරණ සීමා පණවා මසක කාලයකට පසුව රට විවෘත කළ අවස්ථාවේ ජනතාව නිරෝධායන නීති අනුගමනය නොකර හැසිරීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම කියා සිටියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd