
(ඩයනා උදයංගනී)
කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ (20) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් මේ වන විට මාර්ග, නගර සියල්ල පාලුවට ගොස් තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාමට පමණක් අවසර හිමිව ඇත.
මෙම නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා ආරක්ෂක අංශ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.
නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට ද යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
කොළඹ නගරය






රාගම නගරය (විමුක්ති එස් රුද්‍රිගු




(ඡායාරූප: ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල නගරය






(ඡායාරූප: තිලකරත්න දිසානායක)
ගම්පහ නගරය




කඩවත නගරය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ එකම ප්‍රාර්ථනාව මෙම ලොක්ඩවුන් එකෙන් පස්සේවත් මෙම දරුණු ලෙඩේ ලංකාවෙන් තුරන්වෙයි කියායි.
මීට වසර එකහමාරකට කලින් කොරෝනාවෙන් දිවිගලවා ගන්න තියන ලෝකයේ එකම පින්බිම යයි අමනයින් විසින් පාරම්බාපු භූමියද මේ? පින් බිමක් වුවත් අමනයින්ගේ ග්‍රහණයට නතුවූ කල, අත්වෙන ඉරණම තමයි මේ... කොරෝනා ආරම්භක අවස්ථාවේ ලොවම සසල වෙමින් කම්පා වෙද්දී, අමනයින්ගේ උද්දච්ඡ රංගනයන් කොතරම් නම් අප නැරඹුවාද? ලෝකයේ සියලුම රටවල ජාතීන් විදේශ රටවල වෙසෙන තමන්ගේ ජාතියට මරණ මොහොතේ වත්, තම මව්රටට ඒමට ආරාධනය කරමින් වැළඳ ගද්දී, මේ තුප්පහි අමන ජාතිය තම ජාතියම පිළිකුලෙන් යුතුව හෙළා දැක්කා. කිසිදා නොමැරී ජීවත්වීමට පෙරුම් පුරන මේ අමනයින් අන්‍ය ජාතීන්වත් හෙලා දැක්කා. හරිහැටි ආගමක් දහමක් නොපිළිපදිමින් බොරුවෙන් අනෙකා මුලාකොට මමත්වයෙන් යන මේ ගමන දැන්වත් නවත්වලා මනුස්සයින් ලෙස හිතපල්ලා මිනිසුනේ... නැත්නම් නුඹලාට යන්න වෙනම අපායක් හදන්න වෙයි.
කොරෝනා පටන්ගත් කාලයේ මෙන්ම නැවතත් ජ්‍යොතිෂයට අනුව කාලසර්ප යෝගයක් 2022 වර්ෂයේ මුල් මාස හතරක 05ක පවතින බව පෙනේ කුමන දුකක් හෝ විදගෙන ඉවසීමෙන් කටයුතු කර යම්තරමකින් හෝ වසංගතය මර්ධනය කර නොගතහොත් ඉතාම අසීරු විය හැකියි. ඉවසීමෙන් සැනසීම ලැබේ කවුරු කවුරුත් නිරෝධායන නීති පිළිපදිමු.
කවුද මෙහෙම කිව්වා කියලා වාර්තා වෙලා තියෙන්නේ? "අපි මේ සියල්ලම ආවාට ගියාට කරන්නෑ. පෙරහැර තියන්න කියලා අර අනුරාධපුර පැත්තේ ශාස්ත්‍ර කියන කෙනා තමයි කිව්වේ. අපි දැන් පෙරහැර හොඳින් කරන් යනවා.. පෙරහැර කරන්න බැරිවුණොත් වස් වදිනවා කියලයි කිව්වේ. එහෙම වුණොත් බිලිවෙන්න වෙනවා කියලත් කීවා. දැන් කොරෝනාවලින් මියයන සියල්ලම කාලි දෙවියන්ගේ බිලි පූජාවක් විදිහට සලකන්න ඕනෑ. රටේ අනාගත සෞභාග්‍යය වෙනුවෙන් තමයි ඒ මිනිස්සු ජීවිත දන් දෙන්නේ කියලත් එයා කිව්වා. මොනවා වුණත් එයාගේ අණට පිටින් වැඩ කරන්න බෑ.”
අර කොටුව ස්ටේෂන් එක ඉස්සරහ තියෙන ටකරන් කඩ පේළියේ ඡායාරූප දකින ඕනෑම වෙනරටක කෙනෙක් හිතයි මේ අප්‍රිකාවේ රටක පින්තුරයක්ද කියලා...
ඇදිරිනීති දැම්මම කොහොමත් පාලු තමයි.
සඳුදාට පස්සේ මෙහෙම තිබේදැයි බලමු.
ලෝකයේ සුන්දරම දේශය අවුරුදු 70ක් පුරාවටම මරලා දාලා වගේ මට නම් මේ නගර ටික දැක්කාම දැනුනේ...!!!