(ඉන්දිකා රාමනායක)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 234 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 49402 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතරින් 41000 ට අධික ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.

අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු මෙම සෙසු පිරිසට ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය .

ගත වු පැය 24 පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් 205 දෙනකුට අවවාද කර ආපසු හරවා යැවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.