IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


නිරෝධායනය කටයුතුවලට නොමිලේ නිවාඩු නිකේතනයක් පරිත්‍යාග කරයි

(කේ බුද්ධික කුමාරසිරි)

 

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින් නිරෝධායනයට හංවැල්ල ඉහළ හංවැල්ල ප‍්‍රදේශයේ පිහිටි කාමර 15 කින් සමන්විත තම නිවාඩු නිකේතනය නොමිලයේම ලබා දීමට හංවැල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා කැමැත්ත පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම නිරෝධායනයට ලක්වන පිරිස් වෙත අවශ්‍ය ආහාර පාන ඇතුළු සියළු පහසුකම් ලබා දීමට ඔහු එකඟ වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කළ දැනුම්දීමට අනුව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා ප‍්‍රමුඛ නිලධාරීන් එම ස්ථානය නිරෝධායනය සදහා ලබා ගත හැකි ද යන්න පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කළ බවද එම අමාත්‍යාංශය පවසයි.

නිවාඩු නිකේතනයෙහි එක් එක් කාමර සඳහා වැසිකිලි සහ ස්නාන  පහසුකම් සමගින් සියළු පහසුකම් වලින් සමන්විත අතර උත්සව සඳහා භාවිතා කළ පරිශ‍්‍රයේ ද තවත් කාමර ගණනාවක් ඉදිකර පරිහරණය සඳහා භාවිතා කළ හැකි බවද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා  මෙසේ පැවසීය.

ව්‍යාපාරික පි‍්‍රයන්ත මහතාගේ දැනුම්දීමට අනුව අපි මූලික පරීක්ෂණ කටයුතු සඳහා අද දින එහි ගියා.ඇත්තෙන්ම මෙය මහා සත් කි‍්‍රයාවක් මේ ආකාරයෙන් ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙලා තම ධනය හා දේපල පරිත්‍යාග කරමින් ශී‍්‍ර ලාංකීය ජනතාව කොවිඩි 19 රෝගයෙන් බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් වෙනුවෙන් ස්තූතිය පුද කරනවා.

එහිදී අදහස් පළ කළ ව්‍යාපාරිකයකු වන එච්.ඩි.ආර්. පි‍්‍රයන්ත මහතා මෙසේ කීය.

‘මම ගැන හිතන්න ගත්තේ හැදල ලාදුරු රෝහල අසල සිදු වූ සිද්ධියත් සමඟ අපි ඒ තත්වයට වැටෙන්න හොද නෑ. අපි ශී‍්‍ර ලාංකිකයෝ කියන්නේ හොදට ආගන්තුක සත්කාර දන්න රටක් අපේම සහෝදරයෝ තමන්ගේ මව්බිමට එනකොට අපි ආදරයෙන් ඒ අයව බලා ගන්න ඕනෑ. ඒ ගැන හිතලා මගේ මේ නිවාඩු නිකේතනය නිරෝධායන කටයුතු සදහා ලබා දීමටත් ඒ අයගේ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබා දීමටත් මම තීරණය කළා.’



අදහස් (31)

නිරෝධායනය කටයුතුවලට නොමිලේ නිවාඩු නිකේතනයක් පරිත්‍යාග කරයි

Missaka Thursday, 12 March 2020 06:57 AM

මෙන්න නියම ශ්‍රී ලාංකිකයන්... අපිත් කැමතියි කොයි ආකාරයකට හරි උදව් කරන්නට. රජය විසින් ස්වේච්ඡාවෙන් උදව් කරන්නන්ට ක්‍රමවේදයක් සැලසුවොත්, දහස් ගණනක් ලාංකිකයන් උදව් කරයි.

:       0       0

ධනා Thursday, 12 March 2020 06:59 AM

අගය කළයුතු උතුම් ක්‍රියාවකි.

:       0       0

upali Thursday, 12 March 2020 07:03 AM

දැන් හංවැල්ලේ කට්ටිය එළියට බහියිද දන්නේ නැහැ ?

:       3       45

Mahesh Thursday, 12 March 2020 07:14 AM

මිනිස්සු අතර ඉන්න සැබෑ දෙවිවරු.

:       0       164

sharm warn Thursday, 12 March 2020 07:16 AM

ඔබේ යහපත් චේතනාව ඔබව යහපත් ජීවිතයකට ගෙන යාවි. මේ ක්‍රියාව විශාල දානමය පුන්‍ය කර්මයකට වඩා විශාල යයි මම සිතමි. ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා !

:       0       193

Keerthi Thursday, 12 March 2020 07:18 AM

ඔබට ගොඩක් පින් ! ඔබේ තීරණයට හිස නම ආචාර කරනවා.

:       0       109

Asitha Thursday, 12 March 2020 07:18 AM

මෙන්න මිනිස්සු. ඉතාමත් හොඳ ක්‍රියාවක්.

:       0       119

lankan Thursday, 12 March 2020 07:34 AM

මෙන්න නියම ලාංකිකයෙක්. ඔබට අපගේ හදපිරි සුබ පැතුම්! ඔබගේ ව්‍යාපාර කටයුතු තවතවත් දියුණු වේවා ! නිරෝගිමත් දීර්ඝායුෂ හිමිවේවා !

:       4       541

Ajantha Thursday, 12 March 2020 07:43 AM

ඔබට මගේ හද පිරි උත්තමාචාරය. ඔබ දිනෙන් දින දියුණුවට පත්වේවා !

:       1       177

sunil Thursday, 12 March 2020 07:45 AM

නියම ශ්‍රී ලාංකිකයෙක්. බොහෝම ස්තූතියි.

:       0       59

saga Thursday, 12 March 2020 07:47 AM

විශිෂ්ඨ සත් ක්‍රියාවක්.

:       0       50

JAGATH Thursday, 12 March 2020 07:54 AM

ආඩම්බරයි ප්‍රියන්ත අයියා.

:       0       82

Raveendra Thursday, 12 March 2020 08:11 AM

ඇත්තෙන්ම අප ඔබගේ තීරණය අවංකවම අගය කරන්නෙමු. මබට හොඳක්ම වේවා !!! ඔබගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා !!!!

:       0       168

Nihal Thursday, 12 March 2020 08:15 AM

අති විශිෂ්ට පුද්ගලයෙක්. ඔබ සදහටම නිරෝගී ධනවත් පින්වන්තයකි.

:       0       129

Nuwan Thursday, 12 March 2020 08:17 AM

ඔබතුමාගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙන්න ඕන. ජයවේවා ! ඔබට තෙරුවන් සරණයි ! මේ එක්කම මතක්කරන්න ඕන අර මල්වානේ අයිතිකාරයෙක් නැති බංගලාවක් තිබ්බ ලොකු ඉඩමක්. ඒකත් යොදාගන්න රජය කටයුතු කරන්න වහාම ගුවන්තොටුපළට ළගත් එක්ක.

:       243       246

dilanThursday, 12 March 2020 01:30 PM

නුවන්, ඔබත් අර රට ඉඳන් ආව නූගත් ගුවන් මගියෙක් වගේ, ඔබටම පේනවා නේද ඔබට වැටිලා තියන "ඩිස්ලයික්" ප්‍රමාණයෙන්ම ඔබේ දේශපාලන නූගත්බව පාඨකයින් ප්‍රතික්ෂේප කරන ආකාරය...

:       1       0

Mahee Thursday, 12 March 2020 08:19 AM

සමහරු විරෝධතා පෙළපාලි යද්දී ප්‍රියන්ත මහතා කළ මේ පරිත්‍යාගය වෙනුවෙන් ජාතියේ කෘතඥතාවය ඔහුට ලැබිය යුතුමයි. සෞඛ්‍ය ලොක්කෝ මේක ස්ථානය සුපිරි රෝගීන්ට වෙන්කරන්න එහෙම හිතන්නේ නැතුව ප්‍රියන්ත මහත්තයා කියනවා වගේ අපේම සහෝදරයන්ට භේදයක් නොබලා ලබා දෙන්න කටයුතු කරන්න.

:       0       48

gamini Thursday, 12 March 2020 08:28 AM

මුහුණෙන්ම පේනවා. කරුණාවන්ත මහත්මයෙක්.

:       1       30

Drsagara Thursday, 12 March 2020 08:39 AM

ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා ! නිරෝගිමත් වේවා ! දීර්ඝායුෂ හිමිවේවා !

:       0       51

Ruhunu Thursday, 12 March 2020 08:44 AM

මහත්මයා, ඔබේ ක්‍රියාව සත්ක්‍රියාවකි. නමුත් ඔබ කරන දෙයින් ඔබට හොඳක් අහන්න ලැබෙයිද? මොකද අපේ මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ තරු පහේ හෝටල් නිසා.

:       0       17

kamal Thursday, 12 March 2020 08:46 AM

මේ ආත්මයේ පින් එකතු කරගන්න හිත පහළ වෙන්නේ මතු භවයක බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලබන පින්වතුන්ටයි.

:       0       31

kap Thursday, 12 March 2020 08:48 AM

මහත්තයා, ඔය වැඩේට කැමති වෙලා තැන දුන්නට, වට පිටාවේ කට්ටිය ගේම ඉල්ලයි. ඊට පස්සේ අායිමත් මඩකලපු තමයි නවතින්නේ. මේ වගේ රත්තරන් මිනිස්සු අගය කරන්න ඕනේ.

:       0       41

madmaxThursday, 12 March 2020 10:14 AM

ඇයි නුඹලාට මඩකලපු ගියාම අමාරුද? ගෙනියන තැනට ගිහින් සහයෝගය දෙන්න පුරුදු වෙන්න. මිනිස්සු ගේම ඉල්ලුවට වැඩක් වෙන්නේ නැහැ. මේක වළක්වා ගන්න මේ ක්‍රමය අනුගමනය කරන්න වෙනවා... රට ඉඳන් එන හැමෝම කෑ ගහන්නේ හරියට අවබෝධයක් නැති නිසා...

:       0       0

athula Thursday, 12 March 2020 09:07 AM

ඇයි මල්වානේ මන්දිරය ? ඒකට අයිතිකාරයෙක් නැහැනේ. නමුත් හැදුවේ අපේ සල්ලි වලින්.

:       241       244

BamunuarachchiThursday, 12 March 2020 10:17 AM

ඔන්න පැන්නා පාරට... නහය විදලා කටුකම්බි පොටක් දැම්මොත් බේරගන්න පුළුවන් වේවි...

:       0       0

BamunuarachchiThursday, 12 March 2020 10:22 AM

මේවගේ අයට උත්තර දෙන්න ගියාම අර දානපතියා ගැන කතාව පැත්තකට යනවා. එතුමාගේ සත්ක්‍රියාව ඉහලින් අනුමත කරනවා. මේවගේ ගොබ්බයෝ සිටින රටක මෙවන් අය දෙවිවරු. දැන් ඇවිත් හෝටලය කාබාසිනියා කරන්නේ නැතුව ඉතා පරිස්සමින් පාවිච්චි කරන ලෙස දන්වන්න.

:       1       1

විපරමාThursday, 12 March 2020 10:25 AM

ඒක විතරක්ද ? හතර වරිගෙම අය කෙරුවේ ගසා කාපු එකනේ.කොරෝනා ආධාරත් ඉල්ලලා තියෙන්නේ ? සුනාමි ආධාර වගේ වෙයි.

:       30       3

Ajantha Thursday, 12 March 2020 10:30 AM

දැන්ද මතක් වුනේ? හැමදේටම දේශපාලනය ගාවගන්න එපා. රටේ ජනතාවට ඒ මන්දිරේ ගැන තියෙන අදහස රටේ නායකයින්ට නැහැ. නැත්තන් ඒ ගැන හොයන්න ගොඩක් කල් තිබ්බා. අදාළ දේ අදාළ තැනදි කතා කරන්න ඉගෙන ගන්න.

:       70       29

athura Thursday, 12 March 2020 09:59 AM

මෙන්න මිනිස්සු...

:       0       0

දිමුත් Thursday, 12 March 2020 10:13 AM

අද කාලෙ හැටියට විශ්වාස කරන්නත් අමාරුයි. ගොඩක් පින්...!

:       0       0

Champa Thursday, 12 March 2020 10:23 AM

මෙන්න නියම සිංහලයෝ. ඔබේ සත් ක්‍රියාව ඉතාම ඉහලින් අගය කරනවා. ආණ්ඩුවටම මේක බාර දීලා විවේචනය කර කර ඉන්නේ නැතුව මේ වෙලාවේ කොරෝනා නිරෝධන කටයුතු වලට හැකි උපරිම අයුරින් සහයෝගය දීම අපි හැමෝගෙම යුතුකමක්. ඔබ ගැන ආඩම්බරයි ප්‍රියන්ත මහත්මයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

ජාතික වෙසක් උත්සවය නුවරඑළියේ
2025 මාර්තු මස 17 0 0

මලයගම් ජනතාව සමග එක්ව මෙවර ජාතික වෙසක් උත්සවය අනුව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් ස


දේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි:අල්ලන්නත් නියෝගයක්
2025 මාර්තු මස 17 72 0

අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.


මැද පෙරදිග කාන්තාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්?
2025 මාර්තු මස 17 153 0

මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීති


ප්‍රංශ යුද නැවක් කොළඹට ඇවිල්ලා
2025 මාර්තු මස 17 7 0

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඩිස්ට්‍රෝයර්’ වර්ගයේ ප්‍රහාරක යුද නෞකාවක් මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත.


වටරැක එළිමහන් කඳවුරේ ළමෝ පහක් සාමාන්‍ය පෙළට
2025 මාර්තු මස 17 184 0

දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවලින් දඬුවම් ලැබ බන්ධනාගාර ගත කරන ලද පාසල් සිසුන් අතුරින් පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරට අනුබද්ධිත තරුණ වරදකරුවන්ග


පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට
2025 මාර්තු මස 17 483 0

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 332 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 779 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 298 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site