
(එච්.චන්දන)
නොරොච්චෝලේ නාරක්කල්ලිය - පනිඅඩිය ප්‍රදේශවලට ඉකුත් දිනවල ඇද හැළුනු වාර්ෂාව හේතුවෙන් එකතු වූ ජලය දින 12කට ආසන්න කාලයක් තිස්සේ බැස නොයාමෙන් ගොවි බිම් රැසක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
දැනට දින 11 ක පමණ සිට වගා බිම් හා වගා කිරීමට ඇති බිම් අක්කර ගණනාවක් මෙලෙස ජලයෙන් යටවී තිබේ.
බීට්,රතු ළුණු ,අමු මිරිස්,ගොවා ,බිම් රැසක්ම කුණු වී විනාශ වී ඇත.
මෙම වගා බිම් මීට පෙර අවස්ථා කිහිපයකදී වැසි ජලයෙන් යටවු නමුත් මෙවැනි ජලය බැස නොයාමේ කිසිදු ගැටළුවකට තමන් මුහුණ දී නැති බව ද ගොවීහු කියති.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් ආර්.පි විජේසිරි මහතා සදහන් කළේ මේ පිළිබදව වාරිමාර්ග දෙපාර්තුෙමේන්තුවේ සහය ලබා ගෙන කඩිනම් වැඩ පිළිවෙළක් යටතේ මෙම වගා බිම්වල එකතුවී ඇති වැසි ජලය කලපුවට හෝ මුහුදට බැසීමට කටයුතු යොදුන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ශෝචනීයයි .., බලන්න.