
(තිළිණි ද සිල්වා)
ප්‍රථම වතාවට කෙන්යාවේ නයිරෝබි අගනුවර ප්‍රසිද්ධ ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් ඉදි කල බව කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
එරට නයිරෝබි අගනුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ස්ථාපනය කරන ලද මෙම බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඉකුත්දා විවෘත කරනු ලැබූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
සුප්‍රසිද්ධ කෙන්යානු ශ්‍රී ලාංකික සමාගමක් වන මේලීන් සමූහය විසින් මෙම බුද්ධ මන්දිරය ඉදිකරන ලදි.
කෙන්යාවේ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ කෙන්යානු මිතුරන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
රැස්ව සිටි ප්‍රජාව අමතමින්, මහ කොමසාරිස් කනනාදන් මහතා කියා සිටියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක දී ස්ථාපනය කිරීම සුවිශේෂී අවස්ථාවක් වන බවය.
කෙන්යාවේ දී අපගේ බෞද්ධ උරුමය විදහා දැක්වීම සම්බන්ධයෙන් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නව පිටුවක් වන බවත් ,එය කෙන්යාවේ ශ්‍රී ලංකා, මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීමට ලැබීම භාග්‍යයක් යැයිද හෙතෙම කියා සිටියේය.
මෙම පින්බර අවස්ථාව සඳහා අනුග්‍රහය දැක්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ එල්ඕඑල්සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතාට විශේෂ ස්තූතිය පළ කරන බවද ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කීය.
මෙම බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීම කෙන්යානු රජයේ බලධාරීන්ගේ පූර්ණ සහයෝගය හා අනුග්‍රහයෙන් යුතුව සිදු බවද හෙතෙම වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහි වැසි දනන්ට ශ්‍රී සද්ධර්ම අවබෝධයෙන් මේ ඝෝර, කටුක සසරෙන් එතෙරවීමට මග සලසා ගනිත්වා. භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීමේ අර්ථය එයයි.
අට මහ කුසල් වලින් එකක්...
අනේ සාදු!!! සාදු!!! සියලු සත්වයෝ නිදුක් වේවා..!!! බුදු දහම ලොව පැතිරේවා...!!! ඊට මුල්වූ සැම නිදුක් වේවා... නිරෝගී වේවා..!!! සුවපත් වේවා...!!!
මේ සිදුකරන්නා වූ වන්දනාමාන වලට සියලු දෙනාටම තෙරුවන් සරණයි.
මේ උදාර කටයුත්තට උරදුන් සහ සහභාගි වූ සියලු දෙනාට අපේ උත්තමාචාරය...!!!
ඉතාමත්ම හොඳ කටයුත්තක්... ඔබ සැමට බුදුසරණයි. ජේසු පිහිටයි.. දීර්ඝායු වේවා...!!!
මේ කටුක සසරින් එතෙර වීමට ඔවුන්ටත් ලැබේවා... දහම් මාර්ගය නිවැරැදිව අවබෝධ වේවා... සාදු... සාදු...
කෙන්යානුවන් අන්‍ය ආගම් තම රටේ ප්‍රචාරයට නිහතමානීව ඉඩලබාදී ඇති නමුත් අප රටේ වෙනත් ආගමක් දේශනා කළ හැකිද? එසේ ඉවසීම නිර්මල බුදු දහමයි. බුදු දහම විසින් බුදු දහම රැකෙනවා විනා තව කෙනෙකුට බුදු දහම රැකිය නොහැකිය...