IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නායයාම් අවදානමකින් වෙළඳසැල් 7 ක පිරිස ඉවත් කරයි

(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවෙන්, ගිනිගත්හේන නගරයට බලපෑ නායයාමේ අවදානම් තත්ත්ව හේතුවෙන් නගරයේ වෙළඳසැල් 7ක හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය.

ගිනිගත්හේන නගරයේ කොළඹ මාර්ගයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මුද්‍රණාලයක් තුළට අද පස් කන්දක් කඩා වැටීමෙන් මුද්‍රණාලය සහ ඊට පහළ මහලේ වූ ඖෂධ වෙළඳසැලක සේවකයින් ඉවත් කිරීමට පියවර ගත් බව සභාපතිවරයා කියා සිටියේය.

ගිනිගත්හේන නගරයේ මීට ප්‍රථම නාය ගිය සහ නායයමේ අවදානමට ලක්ව ඇති වෙළඳසල් 42කට අමතරව තවත් වෙළඳසැල් 7ක පිරිස ඒවායින් ඉවත් කළ බවද ඔහු කීය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ නායයාමේ දැඩි අවධානමක් පවතින නිසා එම  මාර්ගයේ රථ වාහන ධාවනය නොකර විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරන ලෙස අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියේය. 



අදහස් (2)

නායයාම් අවදානමකින් වෙළඳසැල් 7 ක පිරිස ඉවත් කරයි

රජින්ද Tuesday, 13 August 2019 11:36 AM

කදුකරයේ අසිරිය වනසන කඩ මාෆියාව සොබාදහමේ නියමයෙන්වත් මෙහෙම ඉවත්වෙන එක හොදයි. දේශපාලන බලපෑම් නිසා අනවසරයෙන් තනා ඇති මේ කඩවල් නිසා කදුකරයේ සුන්දරත්වය මෙන්ම ආරක්ෂාවද කෙලෙසයි. ඒ නිසා මේ කඩවල් තැන තැන ඉදිකිරීමට අවසර නොදී, එක් ප්‍රදේශයක් තුල මේවා විධිමත්ව ඉදි වෙත්වා...!!!

:       0       234

maheshikaTuesday, 13 August 2019 04:14 PM

ඒ මදිවට තාප්ප පුරවල පුද්ගලික පන්ති ගුරුවරුන්ගේ පෝස්ටර්ස්. රටේ සුන්දරත්වයට වින කරන එක කොටසක් තමයි මේ ටියුෂන් ගුරාලා. අනිත් කට්ටියත් දැන් වැඩ පටන් අරන්... දේශපාලකයෝ ටික පෝස්ටර්ස් ගහන්න ගත්තම හැමතැනම ඉවරයි. ඒ මදිවට උන්ගේ තඩි මූණවල් විශාල ප්‍රමාණයේ කට් අවුට්වල...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site