
අජන්ත කුමාර අගලකඩ
මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය.
එහි පළමු දියර පොහොර තොගය හෙට (19) දිනයේ දී ගුවනින් ගෙන්වීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුව මෙම පොහොර තොගේ ආනයනය කෙරේ .
මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ නවයකට ප්‍රාණවත් වන පරිදි මෙම නැනෝ නයිට්‍රජන් පොහොර තොගය ආනයනය කෙරෙනු ඇත .
COMMENTS
එතකොට කාබනික පෝරවලට මොකද වෙන්නේ?
මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය. නයිට්‍රජන් දියර පොහොර සහ කැට පොහොර සමකල නොහැක. නයිට්‍රජන් දියර පොහොර ජලය සමග දියවී ඉක්මනින්ම වගාවට අවශෝෂණය උවත් නැවත කෙටි කලකින් පොහොර යෙදිය යුතුය.
නයිට්‍රජන් දියට පොහොර ඉක්මනින් ජලයේ දියවෙලා යනවා. එව්වයින් 50%කම ගසට උරන්නේ නැහැ. මුදල් වතුරේ දියකර හැරියා හා සමානයි නේද?
මෙහෙමත් නාස්තිකාර සැලසුම්, මෙවා කලින් අවශ්‍ය විදිහට කල් ඇතුව ගෙන්නලා තියන්නේ නැතුව, දැන් වැඩේ වන වුනාම, දියර පොහොර ගුවන් යානාවලින් ගෙන්වන එක.. ප්‍රායෝගික වැඩ කරන්නේ නැතුව, මහජන මුදල් අයුතු ලෙස නාස්ති වෙන පරිපාලන ඇමතිලා සෙට් එක..
ප්ලාස්ටර් එකක්
අවසාන මොහොත වෙනකන් ගුවනින් පොහොර ගෙන්වන්න බලාගෙන හිටියේ ගොවිතැනට පොහොර අවශ්‍ය බව රජය කිසිවක් දන්නේ නැද්ද.
රිවස්. තවත් එකක්.
සර් දැන් සැපයිද.?
ඕවා කාබනිකද ඇමතිතුමෝ.?
මේවා යූරියා වගේ අකාබනික කෘතිම පෝර නෙවෙයිද? එහෙමනම් යූරියා ගහන එකේ ඇති වැරැද්ද මොකද්ද කියල මට නම් තේරුම් ගන්න අමාරුයි. ජනාධිපතිතුමාගෙන්ම අහල බලමු.
ආනයනය කිව්වොත් හැම කෙනාම හා කියනවා කවුරුත් අපනයනය කිරීමට කිසිම උනන්දුවක් නැහැ .අපනයනය කලොත් කරන්නෙ බාල භාණ්ඩයක් ආනයනය කරලා දේශීය දෙයක් කලවම් කරලා දේශීය නිෂ්පාදනයේ අගය අඩුකරල (කියන්නෙ එකතු කල අගය මත කියලා ) අපනයනය කිරීමයි.
ඊලග සැරෙත් මෙයාලටම ඡන්දෙ දෙමු
දියර පොහොර ප්‍රවාහනයට සහ ගබඩා කිරීම ඉතා දුෂ්කරයි. ද්‍රව නයිට්‍රජන් ප්ලාස්ටික් රබර් පොලිතින් වගේ දේවල් සමග ප්‍රතිකිරිය කරලා එම ආවරණ කැඩිලා බෙදිලා යනවා. අනෙක මේවා වගාවට යොදන්න විශේෂ උපකරණ ඕනේ වෙනවා,