IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නියෝජ්‍ය පොලිස්පති වාස්ගේ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බරයට කල් යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

මාලඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් නිරුවත් කර පහර දෙන ලද බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිඳ ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (27) නියම කළේය.

මොහොමඩ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සෙසු විත්තිකරවෛා් අධිකරණයේ පෙනී සිටියහ.

මාලඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහර දෙන ලද බවට නීතීපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර  ඇත්තේ  සිද්ධිය  සිදු  වී  වසර  7කට   පසුවය.

2009 අගොස්තු 8 වැනිදාත් අගොස්තු 21 වැනිදාත් අතර කාලය තුල මාළඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් නිරුවත් කර ඔහුට පහර දෙන ලදැයි නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.

මෙම නඩුවෙන් චෝදනා ලැබු සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප‍්‍රියදර්ශණී පෙරේරා මහත්මිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, ඩබ්.ඩී.ප‍්‍රියංකර ද සිල්වා, වයි.එම්.ලක්‍ෂමන් තිලකරත්න, ඩී.එම්.එස්. සඳුන් දිසානායක, සහ ශාන්ත සමන් විතානගේ නමැති  පොලිස්  නිලධාරීන්  හයදෙනෙකි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයනවීම යටතේ සාක්කි දුන් දුරකථන සමාගම්වල නිලධාරීන් විසින් මෙම නඩුවට පාදක වූ  නිශ්චිත දුරකථන වලින් ලබාගත් හා එම දුරකථන වලට ලැබුණු ඇමතුම් පිළිබඳ විස්තර අධිකරණය හමුවේ හෙළි කරන ලදී.

සාක්කි විමසීමෙන් පසුව නඩුවේ වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ චින්තක උඩදෙණිය මහතා සමඟ නීතීඥ දර්ශන කුරුප්පු මහතා ද ජනාධිපති නීතීඥ ශ‍්‍රිනාත් පෙරේරා මහතා ද පෙනී සිටියහ.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති වාස්ගේ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බරයට කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site