බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුගතපාල දියගහගේ
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා තාවකාලික පදනම මත පොලිස් මුලස්ථානයට මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 23 වැනි දා පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමත් සමඟ ඒ මහතා මෙසේ මාරු කර තිබේ.
මේ අතර එම පැහැර ගැනිමට සම්බන්ධ බව කියන සුඛෝපභෝගි වෑන් රථයද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අක්මිමන දී අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd