
ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.
පොලිස් ළමා හා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවද එම සංසදයේ සභාපතිනි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි විජේරත්න මහත්මිය සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර මහත්මිය ද සහභාගි වූහ.
මෙහිදී සභාපතිවරිය පෙන්වා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීම පිළිබඳව තම සංසදය ඉතා සතුටට පත් වූ බවත් එය බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස්ම තනතුරකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවයට හවුල් වීමක් ලෙස සලකන බවත්ය. නමුත් ඇයට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තම අප්‍රසාදය පල කරන අතරම ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගනු ලබන්නේ නම් ඔවුන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබියයුතු බව තම විශ්වාසය බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.
මෙතරම් දියුණු ලෝකයක කාන්තාවක් වීම නිසා ම යම් ක්ෂේත්‍රයක් අතික්‍රමණය කිරීමේ අවස්ථාව අහිමි කිරීමට උත්සහ දැරීම ඉතා අසාධාරණ බව මෙහිදී මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ප්‍රකාශ කළේ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ නියෝජ්‍ය පොලිස්පතිනි තනතුර අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතු වලට යම් පිරිසක් එළඹ සිටීම පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු කාත්තා මන්ත්‍රීවරියන් විසින් හෙලා දකින බවත්,එයට එරෙහිව මේ රටේ සියලු කාන්තාවන් මෙන්ම තම දියණිවරුන්ගේ සාර්ථකත්වය බලාපොරෙත්තු වන සියලු දෙමාපියන්ද ඒකරාශී විය යුතු බවත්ය.
මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන රෝහිණි විජේරත්න මහත්මිය සඳහන් කළේ බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය තම රාජකාරි නිසි අයුරින් ඉටු කිරිම වෙනුවෙන් ඇයට හිමි උසස්වීම ලබා ගැනීමට එරෙහිව මේ රටේ පුරුෂ සමාජය කටයුතු කිරිම පිළිකුල් සහගත බවය. මේ ආකාරයට කාන්තාවන් හිංසනයට ලක් කිරීම රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමේදී විශාල බාධාවක් බවත් විශේෂයෙන් කාන්තාවන් සේවා ස්ථානයන් තුළ ශාරීරිකව හෝ මානසිකව පීඩාවට ලක් කිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
ලංකාවේ ජාතික නායකත්වයන් සඳහා කාන්තාවන් පත්වීමේ උදාහරණ ඕනෑතරම් ඇති බවත්, ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පත්වීම, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීම, අග්‍රවිනිශ්චයකාරවරිය ලෙස ශිරානි බණ්ඩාරනායක මහත්මිය පත්වීම උදාහරණ වශයෙන් දැක්විය හැකි බවත් පෙන්වාදුන් මන්ත්‍රීවරියෝ නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයක් කාන්තාවකට දැරිය නොහැකි බවට ප්‍රකාශ කිරීම උචිත නොවන බව සඳහන් කළහ.
මෙහිදී සභාපතිවරිය තවදුරටත් පෙන්වා දුන්නේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ වන්නේ ව්‍යවස්ථාදායකය තුළ සහ නීති සම්පාදනයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම බවයි. මේ නිසාම මෙරටේ ක්‍රියාකාරී දේශපාලනය තුළ කාන්තා දායකත්වය වර්ධනය කිරීම සඳහා සංසදය විසින් සියළු දේශපාලන පක්ෂ දැනුම්වත් කොට ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීමට කටයුතු කරන බවද සභාපතිවරිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම... ඔයාලගේ ආණ්ඩුවනේ පත්කළේ... දැන් ඉතින් සටනට බහින්න ඕනේ තමයි.
මේ අයට රණ්ඩු වෙන්න දෙයක් ඇත්තටම නැතිනම් මේ වගේ සුලු දෙයක් හරි අල්ලගන්නවා. තමුන්ගේ ඇස්වල සර්ජරි එකට කාන්තා දොස්තර කෙනෙක් ළඟට යන්න පුළුවන් කෙනෙක් DIG වුණාම තමයි ප්‍රශ්නේ. මේ කිසිඳු තනතුරක් ඕනෑවට වඩා ලොකු කරගන්න එපා. මේවා සරල දේවල්.
ගැහැණුන්ට සමතැන දෙන්න එපැයි.
අර කියාපු "බණ්ඩාරනායක" කාන්තාවන් තිදෙනාට සම කරන්න පුලුවන්ද?, ඔය සටනට ඇවිත් තියන කාන්තාවන්.. සමහරු හොඳයි වේදිකාවල විලාප තියන්න. අනික මේ ගෝත්‍රික සමාජයට මොන කාන්තා අයිතිවාසිකම්ද?
අපේ ප්‍රශ්න අපිට අමතක කරවන්න ආණ්ඩුව මොකක්හරි විකාරයක් එළියට දානවා. මේ නෝනලා සෙට් එකම ඉන්නේ ආණ්ඩුව ඇතුළෙනේ. ඉතින් මොකක්ද අදාළ ඇමැතිවරයා එක්කහරි ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ නැතිව නටන මේ නාඩගම?
මේවා නරි නාටක. යම් රාජ්‍ය නිලධාරියෙක් යම් තනතුරකට පත් කිරීමේදී එම පත් කිරීමෙන් තවත් එවැනි නිලධාරියෙකුට අසාධාරණයක් සිදුව ඇත්නම් අවසානයේ අධිකරණයෙන් සාධාරණයක් අයැද සිටීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. සාධාරණය ඉටුකිරීම අධිකරණ කර්තව්‍යයක්. උගත් යයි සම්මත මේ අය නීතිය නොදැන සිටීම ලැජ්ජා සහගතයි.
ඒ පොලිස් නිලධාරීන් මේකට විරුද්ධ ඇයි කියලා කියන්න ඉඩ දෙන්න. කරුණු හරිහැටි නොදැන මෝඩයින් වගේ හැසිරෙන්නේ නැතිව. පස්සේ තීරණය කරන්න පුළුවන් සාධාරණද? නැද්ද? කියලා.
සීතා නෝනත් ඉන්නේ....
ලංකාවේ අගමැති, ජනාධිපති වගේ තනතුරු කාන්තාවන් දරලා තියෙද්දී ඕක කජ්ජක්ද? ඒත් මට නම් හිතෙන්නේ කවුරු ආවත් සිස්ටම් එන නිසා මෙම පුහු තර්ක ගමෙන් ආවත්, පොඩි තැනින් ආවත්, ලොකු තැනින් ආවත්, නගරෙන් ආවත් අවසානයේ එකම ගොහොරුවකට වැටෙන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු මිනිස්සු කෝ..? මොනවද කරන්නේ? හොඳට හිතලා බලලා කියන්නකෝ..?
ලෝකයේ කිසිම කාන්තාවක් බුදු වෙලා නැහැ. කිසිම දාර්ශනිකවරියක් නැහැ. මුල් පෙළේ චිත්‍ර ශිල්පිනියක් හෝ සංගීතඥවරියක් පහළ වෙලා නැහැ. නරකද ඒවා ගැනත් හිතුවා නම්...?
මේ පෙත්සමෙන් පේනවා ලංකාවේ මිනිස්සු මොනතරම් ගල්යුගයට ගිහින්ද කියලා. කාන්තාවකට රටේ අගමැති වෙන්න, ජනාධිපති වෙන්න, පුළුවන්... නියෝජ්‍ය පොලිස්පති වෙන්න බැහැ. ඇයි මේ? මේවා ජාත්‍යන්තරයට යන විහිළු නෙමෙයිද? මේ නෝනලා ඉදිරියට ආව එක ගැන මම සතුටුයි.
අම්මලා, ඔය ගොල්ලන්ට අද තියන දරුණුම ප්‍රශ්නය ඕකද? නඩු තීන්දුව ලැබෙන තෙක් ඉවසන්න.