IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නායකයා මියගිය බවට අයි.එස් සංවිධානය තහවුරු කරයි

තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අද (31) තහවුරු කළේය.

ටෙලිග්‍රෑම් පණිවුඩ සේවයේ අයි.එස්. සංවිධානයට සම්බන්ධිත ගිණුමක් මාර්ගයෙන් ඒ බව නිවේදනය කර තිබෙන අතර අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ සහ ‘කලීෆාවේ’ නායකයා බව එමඟින් නිවේදනය කර තිබේ.

ඇමෙරිකානු හමුදා, වයඹ දිග සිරියාවේ මෙහෙයුමක් දියත් කරමින් පසුගිය සති අන්තයේදී අයි.එස්. නායකයා අල්ලා ගැනීමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේදී සිය මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් අයි.එස්. නායකයා මරුමුවට පත්විය.

2014 වසරේදී අල් බැග්ඩෑඩි අන්තවාදී සංවිධානයක් වන අයි.එස්. සංවිධානයේ නායකයා ලෙස නම් කෙරුණු අතර එම සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ සිවිල් වැසියන් ජීවත්වන විශාල භූමි ප්‍රමාණයක් අල්ලාගනිමින් ඔවුන්ගේ පාලනය ස්ථාපිත කළේය.

මේ අතර ඇමෙරිකානු සහ කුර්දි හමුදා එක්ව ඔක්තෝබර් 27 වැනිදා කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සිය සංවිධානයේ ප්‍රකාශකයා වූ අබු අල් හසන් අල් මුජහිර් මියගිය බව ද අයි.එස්. සංවිධානය හඬ පටයකින් තහවුරු කළේය. සෞදි ජාතිකයකු වූ හෙතෙම බැග්ඩෑඩිගෙන් පසු අයි.එස්. සංවිධානයේ නායකයා බවට පත්වනු ඇතැයි පැවැසුණි. ඔහුගේ මරණයත් සමඟ අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි හෙවත් අබ්දුල්ලා කර්දාෂ් අයි.එස්. සංවිධානයේ නායකයා ලෙසත් අබු හම්සා අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ නව ප්‍රකාශකයා ලෙසත් පත්ව තිබේ.

ඒ.එෆ්.පී. සහ රොයිටර්ස් 

055

 



අදහස් (8)

නායකයා මියගිය බවට අයි.එස් සංවිධානය තහවුරු කරයි

sunil perera Thursday, 31 October 2019 07:12 PM

අපේ මව්බිමට යමෙක් වින කරයිද, ඒ සියලුදෙනා මිහිපිටින් යටිකුරුව නිරයට වැටෙනු නියතයි...

:       0       16

shiro Friday, 01 November 2019 03:28 AM

අයි.එස්.අයි.එස් පිළිගත්තත් අපේ සමහරුනම් පිළිගන්න එකක් නෑ. පුදුම පණ්ඩිතයොනේ ඉන්නේ අපේ රටේ. ගෝඨාභයගේ උපදෙස් මත අයි.එස්.අයි.එස් සංවිධානය මෙහෙම ප්‍රකාශයක් කළා කියන්නත් බැරි නෑ.

:       11       88

Dasa P Friday, 01 November 2019 03:34 AM

ඇමෙරිකාව කිව්වේ බොරු. මොහු කොහේ හරි තැනකින් මතුවේවි කියලා ප්‍රතිචාර දාපු කුහකයින්ට දැන් හිතේ අමාරු ඇති.

:       0       4

Rizwan Friday, 01 November 2019 04:05 AM

දෙවියන් වහන්සේ අප සමගයි. ඉස්ලාමය සාමයේ ආගමයි.

:       773       37

lankasriFriday, 01 November 2019 10:03 AM

ඇයි මෙච්චර මිනි මරද්දීත් එය සාමයේ ආගමයි කියන්නේ. ඉස්සෙල්ලම ඔයගොල්ලෝ වගේ අය වෙනත් ආගමකට ගිහින් සාමය කියන්නේ මොකක්ද කියල ඉගෙන ගෙන එන්න. ඉස්ලාමය පවතින තාක් ලෝකයට සාමයක් ඇති නොවනු ඇත.

:       3       138

Dilan Friday, 01 November 2019 06:56 AM

ඒකට කමක් නෑ. ඒ බව ඔප්පු කරන්න යන්න එපා.

:       0       72

Hamza Friday, 01 November 2019 11:33 AM

ලෑස්ති වෙලා ඉන්න කන්‍යාවියෝ ළඟට යන්න.

:       0       35

Anton Austria Friday, 01 November 2019 03:07 PM

රිස්වාන් කන්‍යාවියක් කතාකරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 694 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site