
(තිළිණි ද සිල්වා)
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් ප්‍රවාහනයට නොමිලේ ලබාදෙන 'Safe and security' සංචාරක අවසර පත්‍රය නිකුත් කිරීමට සංචාරක රියදුරු සංගමයක් විසින් රුපියල් 2000ක් අයකර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් පවත්වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (14) සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
එම සහතිකය ලබා දීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය තමන්ට අවසරය ලබාදී ඇති බවත් ඒ අනුව එම සහතිකය ලබා ගැනීමට අදාළ සංගමය් සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්ය බවත් ඒ සඳහා රුපියල් 2000ක මුදලක් අවශ්‍ය බවත් අඳාල සංචාරක රියදුරු සංගමය සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පලකර තිබු බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
මේ පිලිබඳව පැමිණිලි රැසක් ඇති බැවින් එවැනි බලපත්‍ර ලබාදීම සඳහා කිසියම් සංවිධානයකට අවසර ලබා දී ඇත්නම් එය වහාම අත්හිටුවා , ඒ පිලිබඳ විමර්ශනයක් කර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසද ඇමතිවරයා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දී ඇත.
සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් මෙරටට පැමිණි විට ඔවුන්ට නතර විය හැක්කේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබන බවට සහතිකලත් හෝටල් හා වාසස්ථාන වල පමණක් වන අතර .මෙම හෝටල් හා වාසස්ථාන සඳහා අදාල සහතිකය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නොමිලේ ලබා දෙන්නක් යැයි සංචාරක අමාත්‍යවරයා පෙන්වා දේ.
සංචාරක බුබුලක් යටතේ සංචාරකයන් රට තුල සංචාරය කිරීමේදී සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන රියදුරන් ද එම සංචාරක බුබුලට ඇතුලත් වන අතර ඔවුන් ද සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන සහතිකය ලබාගත යුතුවේ.
COMMENTS
ඔන්න කිව්වා.. ලිමිනිගෙ තාත්තලා නම් මොනවත් දන්නේ නෑ නෑ මයි දෙයියන්පා මේ කියන්නෙ ඇත්ත...