(ඉන්දිකා රාමනායක)
දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා මහ මැතිවරණයට ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් දිගාමඩුල්ල දිස්ති්රකයට තරග කරන බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය නාමල් කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ තමන් ඊයේ (12) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා එකඟතාවට පැමිණි බවයි.
අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් මුණගැසී සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගත් බවද නාමල් කුමර මහතා සඳහන් කළේය.
COMMENTS
ඔය ඇවිල්ලා තියෙන්නේ බළලා මල්ලෙන් එළියට..
දේශීය කුමන්ත්‍රණකාරයෝ!
අපි දැනගෙන හිටියා එන්නේ මොකටද කියලා... පහුගිය දවස්වල තිබුණේ මෙයා ජනප්‍රිය වෙන්න කරපු දෙයක්...
මේ ඔක්කොම එකම නාට්ටියක ජවනිකා කියලා අපි එදා ඉඳලම දැනගෙන හිටියා...
නටපු නාඩගමේ තරම පේනවා නේද? උගුලට හසුවුණු ජනාධිපති මුළු රටම විනාශ කළා.
ඕකට තමා මෙයා පෙර සුදානම් උනේ.මර්කෙටින්ග් පාර හරිනේ මෙයාගෙ.
ගිය පාර පළාත් පාලන මැතිවරණයේදී මැරුන මිනිසුන්ටත් ඡන්දෙ දුන්න අපේ උගත් ඡන්ද දායකයා නාමල් කුමාර වගේ " නැවත අවස්තාවක් බිහිකර දුන් " කෙනෙක් පාර්ලිමේන්තු යවන එක පුදුම වෙන්න තරම් දෙයක් නෙමෙයි. මට නම් හිතාගන්න අමාරු මේ සියලුම දෙනා එකතුවෙලා නිෂ්පාදනය කර ඉදිරිපත් කළේ විශිෂ්ඨ "නාට්‍යයක් " කියන එක රටේ ජනතාව දැන්වත් තේරුම් ගනීවිද කියන එකයි.
දැන් අපිට තේරනව අහවලා මරන්න කුමන්ත්‍රණය කළේ කවුද කියල.
පොහොට්ටුවට වයධම්මාසංකාර තමා එහෙනම්!. පොහොට්ටුවට ගිය පාර ලැබිණු ඡන්ද ටිකට මේ වගේ දේවල් කළොත් නැතිවේවි!
වෙන මොකවත් එපා, කරුණාකර අධ්‍යාපන සුදුසුකම් මොනවාදැයි ඇත්ත සහතික සමඟ ජනතාවට ප්‍රකාශ කරන්න. ඔහුට තිබෙන උපාධිය කුමක්ද? මෙය බලවත් වගකීමක් බව සිතට ගන්න.
චීත්ත කාරයින්ට ඡන්දය දෙන්නැ. අගමැතිතුමා පරාජයට මෙය මුලක්. මෙයා ගත්තෙත් අපිනං දෙන්නේම නෑ..
බළලා මල්ලෙන් එළියට...
ජයවේවා!!! මෙන්න ගත්තා කුමන්ත්‍රණය ප්‍රධාන නළුවගේ කලඑළි බැසීමේ මංගල්‍යය... කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය, රටම දන්න බලවතුන් වන අතර මොහු මුදලට රඟපෑවා පමණි. ඒ මුදලට අමතරව පොරොන්දු වූ පරිදි ඡන්දයට මෙලෙසින් අපේක්ෂකත්වය ලබාදී ඇත. ජයවේවා!!!
ඔය එන්නෙ එලියට. කව්ද මහ මොලකරු බව පැහැදිලිය
පොහොට්ටුවට ගැලපෙන්නේ මේ වගේ දෙපත් නයි තමයි.
හොරු බොරුකාරයන් තව නැද්ද රටේ මහින්ද මහත්මයට පක්ෂයට ගන්න හොද මිනිස්සු මෙහෙම් කට්ටිය ළඟට කරගෙන් මහින්ද මහත්මය තියන ගෞරවයත් නැතිකර ගන්නවා. මේ පවදෙන්නන් ළඟට ගන්න එපා කියල ඔබතුමාට කියනව.
අන්න බලල මල්ලෙන් පන්න එලියට
අපේ මීලග අගමැති සාදු! සාදු! සාදු!
අපි දන්නවා මෙය එනකොටම මේක කුමන්ත්‍රණයක් කියලා... දැන් තේරෙනවා ඇති නේද?
මේ වගේ ඔලමොට්ටල තීන්දු තීරණ ගත්තොත් 2/3ක් ගන්න ලැබෙන එකක් නැහැ. මොහුව ආණ්ඩුවට ලං කරගත්තම වෙන්නේ විරුද්ධවාදීන්ට තටු ලැබෙන එකයි. මදැයි මෙදා පාරවත් ගුණාත්මක-හොඳ-අලුත් මිනිස්සු ටිකකට නාමයෝජනා දේවි කියල අපිත් බලාගෙන උන්නා, ඇත්තමයි මම හිතුවෙම මහින්ද මහත්මයා ඉස්සර තරම් මෝඩ වැඩ ආයෙත් කරන එකක් නැහැයි කියලයි. ඒත් මේ වගේ තීන්දුත් එක්ක අපිට ආයෙත් හිතන්න ඉඩක් ඉතුරුවෙයි වගේ. දේශප්‍රේමී මිනිස්සු ටිකක් දාල 2/3ක ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න පුළුවන් එකම සහ හොඳම මහා මැතිවරණය මෙයයි. මේ මැතිවරණෙත් ගොන් වැඩ නිසා මග ඇරුණොත් ආයෙත් කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. සත්‍යයි..!!
දැන් ජනපතිට තේරේවි මොකද වුණේ කියල. කළ ගොන් කම් යලි හදන්න බැහැ කියල දැන්වත් තේරුම් ගනීවි නාමල් කුමාර කියන්නේ කාගේ බැලයකු ද ඝාතන සැලසුම කාගෙන්ද කියල දැන්වත් වැටහ ගනී මහින්ද ජනපතිගේ දැනුම හොදින් හදුනන නිසා පහසුවෙන්ම ගොනාට ඇන්දුවා
පිස්සෙක් පාර්ලිමේන්තුවට, මෙවන් පිස්සන් ඔත්තු කරුවන් හිවලුන් පොදුජන පෙරමුනට එපා. මහින්ද මහත්තයො පසුගිය පාලන කාලනයෙ වැරදි නැවත නමි කරන්න එපා කලොත් ඔබ යන විට අැඩූ ජනතාවම ඔබව එලවාවී.ඔය පාර්ලිමේන්තුව තුළ ඉන්න පිස්සත් දැන් වැඩියි.එ නිසා මෙ වගෙ මොන්ගල් පිස්සන් අපට එපා.පොදුජන පෙරමුණට මොහු නිසා ඡන්දය අඩු වනවා මිසක් වැඩි වන්නෙ නැත.
හාමිනේ කෝ මගෙ ග්‍රමොක්සොන් බෝතලේ. මොකද මේක ෂුවර් එකට දිනනවා අපේ බුද්ධිමත් ජනතාව එකින්ම පත් කරනවා.
තාවකාලික ප්‍රසිද්ධියක් ලබපු ගමන් මෙහෙම තීරණ අරගෙන දේශපාලන ප්රවාහයට එක්වීම විහිළුවක් බව මගේ අදහසයි ....
තරඟයේ වීරයා !!!!
කලගුණ සලකමු. නාමල් කුමාර අංක 2 දිනවමු.
ඔන්න ඡන්දෙ ඉල්ලන්න තියන තවත් සුදුසුකමක්, ක්‍රිකට් ගැහිල්ල, ඕලිම්පික් දිවිල්ල, රගපෑම , බොරු සාක්කි දීම, කේලම් කීම, රාජ නක්ෂත්ර කරුවක් වීම, නිළියක වීම, රත්තරන් හොරෙකු වීම, කසිප්පු මුදලාලි කෙනෙකු වීම , බැංකු මකොල්ල කෑම, නමගිය අපරදකරුවකු වීම , මේවා තමයි ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න තියෙන පරම සුදුසුකම්... මේ අයගෙන් තමයි අපි ප්රජාතන්ත්රවාදය ඉල්ලන්නේ...
මොහු සා.පෙළ අසමත්ය. ඒ නිසා ඔහු පාර්ලිමේන්තුවට වඩාත් සුදුසුයි.
හමුවුණා විතරද..? හොඳම තිර රචනයට සම්මාන ලැබුණේ නැද්ද..?
පොහොට්ටුවන්ටම ගැලපෙන බඩු! අනේ ඇත්තටම මෙයා කවුද?
ලංකාවේ දේශපාලනයට අැවැසි හොඳම සුදුසුකම වන්නේ කුහකකම, පාවාදීම සහ ලජ්ජා නැතිකමයි.. මොහුට එම සුදුසුකම තිබෙනවා ඇති...
මොහු පරද්දන්න අවශ්‍ය වැඩකටයුතු කඩිනම්න් ක්‍රියාත්මක කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. මෙවැනි අමනයින්ට ඡන්දය දීමෙන් වලකින්න.
මෙයාත් ජනාධිපතිගේ එක තුරුම්පුවක් බව දැන් ඔප්පුවුණා.
ආනන්ද සර්පයා දුටුවාද ?
එතකොට ජනාධිපති ඝාතන සිද්ධියට වරදකරුවෙක් නෙවෙයිද?
පුදපු ගමන් කාපි යකා කිව්වලු. ඉතින් කොහොමද පොහොට්ටුවට ඡන්දය දෙන්නේ. මේක විහිලුවක්ද?
මම හිතුවේ නැහැ පොහොට්ටුව එතරම්ම බංකොලොත් කියලා.