(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා තිබිණි.
දුෂණ විරෝධි පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශණයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෝ හා සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරී මස 10 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, ගනේෂ් ධර්මවර්ධන සහ ජීවන්ත වීරසිංහ යන මහත්වරුන් සහ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාගේ නඩුවලට හැමදාම බාලගිරි දෝෂේ තමයි.
නඩු ටික නම් කල් යනවා සුපිරියටම...
මේවට තමයි කියන්නේ රබර් නඩු කියලා... කවදාවත් ඉවර වෙන්නෑ.. ඔහේ ඇදෙනවා..
පුදුම නඩු ඇහිල්ලක්... ලබන පෙබරවාරියට කල්දැම්මේ දැන් තීන්දුව දුන්නොත් ජොබ් එක සුන් නේද? ඒ නිසා ඡන්ද ප්‍රතිඵල බලලා, ජනපතිත් බලලා නැවත කඩේ යමු අනේ... කම්බ හොරුන්ගේ නඩු බල්ලට දමලා, ඉඩම් නඩුවක් අරගෙන ඉවරයක් කර දමන්න අසරණ ජනතාව බලන් ඉන්නවා ඉඩම් නඩු ඉවර වෙනකම්... අධිකරණ වහලා කැකිල්ලේ රජ්ජුරුවෙක් හදාගත්තා නම් හොඳයි මිනිසුන්ට...
62 ලක්ෂයක් ඉල්ලූ සාධාරණයට පයින් ගැසූ රනිල් මෛත්‍රී සුසංයෝගය භංගවේවා !!!. ගෝඨා මැතිඳු රජවේවා...!!!
මේවා කඩල නඩු. කවදාවත් අහන ඒවා නොවෙයි
නාගානන්ද බලයට ආවොත් මේ කට්ටියම ගෙදර.