(රංජන් කස්තුරි)
කිසියම් අපේක්ෂකයකු නාමයෝජනා බාරදුන් පසු තවත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම සහ ඔහුට ඡන්ද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කිසියම් අපේක්ෂකයකුට එලෙස නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලට නිකුත් කළ ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාරධර්ම පද්ධතියක් කියන්නේ නීතියක් නෙමෙයිනේ. එහෙම නම් මැතිවරණ කොමසාරිස්ට කරන්ට දෙයක් නැහැ...
"අාචාර ධර්ම" කියන්නේ මොනවද කියලා ඔය සේරම කට්ටියට කියලා දීලා හිටියොත් වැඩිය හොඳයි.
මේ අපේක්ෂකයන් අතර ආචාර ධර්ම තියන්නේ අනුර කුමාර දිසානායකට පමණයි.
චාරයක් නැති අයට නොමිනේෂන් දීලා දැං කියනවා අචාර ධර්ම රකින්නලු.
මෙය ලෝකයේ බොහෝ රටවල කෙරෙන දෙයක්. යුරෝපයේ නිතරම සිදුකෙරෙන දෙයක්. විශේෂයෙන්ම දුෂිතයෙක් පත්වේ යයි හැගෙනම් අනිවාර්යයෙන්ම සමහර පොඩි පක්ෂ තම ආධාරකරුවන්ට කියනවා මගේ ඡන්දය මෙයාට දෙන්න කියලා. එහම කරලා තමයි ප්‍රංශයේ හිටපු ජනාධිපති ජැක් ශිරක් අවසන් වටයේ ජයග්‍රහණය කළේ. ඔහුගේ ප්‍රතිවාදියා වුනේ උග්‍ර දක්ෂිණාංශික ජෝ මරිලපෙන්.
මුදල් හෝ බලය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට සැදී පැහැදී සිටින හිවලුන්ගෙන් පිරි සමාජයක ආචාරධර්ම ගැන කතා කිරීම විහිළුවකි.
ඉදිරියේදිවත් නාමයෝජනා ගන්නා විට වෙනත් කෙනෙකු වෙනුවෙන් පෙනී නොසිටින බවට පොරොන්දු පත්‍රයක් හා එසේ කළහොත් පක්ෂයේ ලියාපදිංචිය අවලංගු කිරීමට නීතිඥයින් තිදෙනෙකුවත් සාක්ෂියට අත්සන් කළ කමැත්ත පලකළ ලිපියක්ද ලබාගැනීමට කටයුතු කිරීම හොඳයි නේද? ඒ අතරම ඇපමුදලද අඩුම තරමින් ලක්ෂ විසිපහක්වත් කිරීමද අවශ්‍ය වෙනවා. රටේ දූෂණය හා නාස්තිය නැතිකරනවා කියලා කිසිවෙකුත් මේ ගැන කතා නොකිරීමද කණගාටුවට කරුණකි.
මෙවර අපේක්ෂකයෙකුට 50% ප්‍රතිශතයක් ලබාගත නොහැකි බවට තමාම උපකල්පනය කොට මනාප ලකුණු කිරීමට ඡන්දදායකයන්ට බලපෑම් කරන ප්‍රකාශ කොමිසමේ සාමාජිකයෙක් විසින් කරනු ලැබීම සදාචාර සම්පන්නද?
ආචාර ධර්ම කියන්නේ නීති නෙවෙයි. අනිත් එක මැතිවරණ කොමිසමට නීති හදන්න බෑ. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට. මැකෝ ඒක තේරුම් අරන් වැඩ කරන එක වටිනවා. අනිත් එක අර මැතිවරණ කොමිසමේ ආචාර ධර්ම ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි.