(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු මැතිවරණ නීති පතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවැසූහ.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය තම සභාවට ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා එම විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් පැවැසීය.
එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
එසේම අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.
COMMENTS
නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කළහැකිනම් එය ඉතාම කාලෝචිත පියවරකි..
චන්දෙ ඉල්ලන්න රටේ පුරවැසිභාවයවත් නොසලකා හැරිය රටේ මේ මොන කතාද? අපව ගොනාට අන්දන කතා මේවා.
සියලු අපේක්ෂකයින් ව්‍යාපාර කටයුතු වලින් ඉවත් විය යුතුයි... පවුලේ ව්‍යාපාර හෝ ඥාති සම්බන්ධතා ඇති ව්‍යාපාර පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් කළයුතුයි..
ඒ කියන්නේ ඇමරිකාවේ තියන වත්කම්, බැරකමුත් ඉදිරිපත් කරන්න ඕනෑද? තවද අර මන්ත්‍රීලා ටිකක් ඉන්නවනේ... ඔවුන්ගේ වැටුප ලෝන් එකට කපනවයි කියන, ඔවුන්ට මොනවද වෙන්නේ?
අලුත් යෝජනාවක්ද? ජයවේවා...!!!
හැමදාම මේක කියනවා විතරයි. කොරන දවසක් නෑ. සාධාරණ ඡන්දයක් තියපු මහින්ද දේශප්‍රියටත් මේක කරන්න බැරි උනා. කවර කතාද?
හරියට වැඩේ කලොත් හොඳයි
වත්කම් බැරකම් ඉල්ලීම වගේම ස්වාධීන කණ්ඩායම් හා මෙතෙක් කිසිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් පත් නොවූ පක්ෂ වලටත් ඉහළ ඇප මුදලක් නියම කිරීම කල යුතුය. එසේ නොවීම මැතිවරණ වියදම් ඉතා අධික වීමටත් කාර්ය මණ්ඩල අධික වෙහෙසට පත්වීමටත් හේතුවේ.
මේ දේශපාලුවෝ මොන තරම් හව්හරණක් නැති අසරණ අයද කියල මිනිස්සුන්ට පැහැදිලි වෙයි නේද?
අපොයි මේක කොයිකාලේ ඉදන වෙන දෙයක්ද දැන් ඉනන කාගෙවත් නැ මගේ හිතේ ඉතින් දැන්වත් ඔය ඉනන කට්ටය පිලිගනන ඔනි දේශපාලනයට ඒනකොට වත්කමක් තිබුනේ නැ කියලා
මේක මිට ඉහතදී දිගටම කතා කළා . කිසිම මන්ත්‍රී කෙනෙකුට ප්‍රශ්නයක් වුනේ නැහැ. පුංචි හේවා මහත්මයට වත් කිරීමට හැකිවේවා. හැබැයි වත්කම් ප්‍රකාශ කලත්, පස්සේ පනතකින් කළු සල්ලි සුදු කරන්නත් පුළුවන් නේ. අත උස්සන්න ඕන තරම් ඉන්නවා