Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 27 වන සඳුදා
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ඔට්ටුක්කුලම ප්‍රදේශයේ නිධානයක් ලබා ගැනිමේ අරමුණින් කැණීම් කරමින් සිටි සිව් දෙනෙකු ඒ සදහා යොදා ගත් උපකරණ තොගයක් සමඟ ( 16 ) දින අලුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
ආණමඩුව පොලිසියේ පොලිස් බුද්ධි අංශය ලබා දුන් බුද්ධි තොරතුරු මත මෙම වැටලිම සිදුකර තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ජාල හා ආණමඩුව ඔට්ටුක්කුලම පදිංචිකරුවන් සිව් දෙනෙකු බවත් මොවුන් වයස අවුරුදු 35 , 45 , 60 සිමාවන් වල පිරිස් වෙති.
අදාල සැකකරුවන් ඔට්ටුක්කුලම කුඹුරු යායේ පිහිටි ඉපැරණි ස්ථානයක මතුපිට ගල් ඉවත් කරමින් අඩි 15 ක් පමණ ගැඹුරට කැණිම් කර තිබු බවත් එහි රඳවා තිබු කළුගල් තට්ටු ඉවත් කරමින් දින 4 ක් පුරා කැනීම් කර තිබු බව කියයි.
පොලිස් කණ්ඩායම් අදාල ස්ථානය වටලන අවස්ථාවේදි ගැඹුරට කැණිම් කර තිබු ස්ථානයේ මෝටර් යොදා ගනිමින් ජලය ඉවතට පොම්ප කරමින් හිද ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සමග මෝටර් , උදළු , ලණු , වයර් තොගයක් , යකඩ ඉනී, ඇතුළු තවත් දෑ පොලිස් නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.