IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


නිදහස් දා කථානායකගේ පණිවිඩය

(බන්දුල ඉලේපෙරුම)

වර්තමාන ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ වුවද ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන්  එක්සත්ව, එක්සිතින් ඉසුරුමත් සහ සෞභාග්‍යවත් හෙට දිනකට පියනැගීමේ තිර අදිටනින් මෙරට  73 වන ජාතික නිදහස් දින සැමරුම් දිනය අභිමානයෙන් සැමරීම වෙනුවෙන් පෙළ ගැසෙන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජාතික නිදහස්දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

''වර්ෂ 1948  පෙබරවාරි මස 04 වැනිදා යටත්විජිත පාලකයන්ගෙන් නිදහස දිනාගැනීමේදී මෙරට සියලු ජාතීන්ගේ එක්සත්බවද සමඟියද  අප‍ තුළ වූ අපරාජිත ශක්තිය විය. ජාති ,ආගම්,වර්ණ, කුල, ගෝත්‍ර, පක්ෂ වැනි පටු භේද නොසලකන්නට තරම් එදා ලාංකිකයන්අතර වූ නිදහස පිළිබඳව අර්ථය බලවත්විණි. එදා  නිදහස් වූ ශ්‍රී ලංකා මාතාව වර්තමානය තෙක්  සිය දරුවන් කැටුව පැමිණියේ පහසු ගමනක් නොවේ.අතීතයේ පටන් සතුරු උවදුරු ,රෝ බිය ඇතුළු සියලු අභියෝග මධ්‍යයෙහි ඇගේ ආදරණීය දරුවෝ ඒ දිගු ගමනෙහි ඇයව දිවිපුදා  ආරක්ෂා කිරීමටද නොපැකිළුණහ.ඒ නිසාම, මේ වසරෙහි යෙදෙන ජාතික නිදහස් දින සැමරුම් දිනය ද අපසමරනුයේ ඉමහත් අභිමානයෙනි,ගෞරවයෙනි.

වෙසෙසින්ම , ලොව පුරා  සියලු රටවල්ගොදුරුව සිටින කොවිඩ් අභියෝගයඉදිරියේ  සිය පෞද්ගලික නිදහස සහ දිවිනොතකා අද අපගේ මාතෘභුමිය සුරක්ෂාකිරීමෙහි නියුක්ත වන සියලු සෞඛ්‍යසේවා කාර්ය මණ්ඩල  සාමාජිකයන්ට,ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද ජනාධිපතිතුමන්ද අග්‍රමාත්‍යතුමන්ද සියලුවගකිවයුතු බලධාරීන් මෙන්ම සමස්තජනතාවද අපගේ සුවිසෙස්  ගෞරවයටපාත්‍ර විය යුතුය. එසේම,  එම රෝගයෙන්පීඩා විඳින සියලු ශ්‍රී ලාංකිකයන්ට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු.

තවද ත්‍රස්තවාදය නිමාකොට සාමයේඅරුණළු තුළින් සංවර්ධනය කරාපියමනින නිදහස් නිවහල්  ශ්‍රි ලංකාවට වර්තමානයේ මානව හිමිකම් කඩවීම්පිළිබද ජාත්‍යන්තරයෙන් නැගෙන අභූතචෝදනා ද බැහැර කිරීමට මේ මොහොතේ අප සියලුදෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක්ලෙස  එක්ව පෙළ ගැසිය යුතු බව මෙහිලාඅවධාරණය කරනු කැමැත්තෙමි.
 
නිදහස් ශ්‍රී ලංකාවට පෙර සිටම මැතිවරණ මඟින් ආසියාවේ දීර්ඝකාලීනප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් කියන අපි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මඟින්  මෙරටප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා මහජනඅභිලාෂයන්ද සංකේතවත් කරමු. ඕනෑමරටක ඉදිරි අනාගත දිශානතිය තීරණයකෙරෙනුයේ  මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික ව්‍යුහයන් විසිනි.''



අදහස් (0)

නිදහස් දා කථානායකගේ පණිවිඩය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1045 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site