(ලක්ෂ්මී ජයකොඩි)
රාජ්‍ය ආයතන යොදා ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කරන බවට ආණ්ඩුවට චෝදනා කරමින් හා මෙරට දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව එළැඹෙන 4 වැනිදා ජාතික නිදහස් දිනය කළු කොඩි දිනයක් ලෙස සැමරීමට උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කර ඇත.
එය විරෝධතා ව්‍යාපාරයක් වශයෙන් ලබන 3 වැනිදා ආරම්භ කරන අතර ලබන 6 වැනිදා දක්වා පැවැත්වීමට එම සිවිල් සංවිධාන තීරණය කර ඇත.
මෙම විරෝධතා ව්‍යාපාරයට උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ දේශපාලන පක්ෂ බොහෝමයක් දැනටමත් සහාය පළ කර ඇති අතර මෙම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහයෝගය ද ලබාදෙන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම් . ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය.
ආණ්ඩුව උතුරු නැගෙනහිර පළාත්වල පාරම්පරික ජුජනීය ස්ථානය 200 ක් පමණ රජය සතු කර ගැනීමේ උත්සහායක නිරතව සිටින බවට චෝදනා කළ සුමන්තිරන් මහතා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩකිරීම් ලෝකයට හෙළිදරව් කළ යුතුව ඇතැයිද මෙහිදි කියා සිටියේය.
මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරනු ලබන මර්දනයන් , සිවිල් සංවිධානවල විරෝධතාවයන්ට කරනු ලබන තර්ජනයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුව ඇති බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන සිංහල ජනපදකරණය වැනි ක්‍රියාමාර්ග වලට එරෙහිව පවත්වන මෙම විරෝධතාවයට එක්වන්නැයි සියලු දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
385
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිදහස දා උතුරේ කළු කොඩි දිනයක් ලෙස සමරයි
Bandara Friday, 29 January 2021 08:51 AM
එතකොට අනික් පළාත්වල දෙමළ මිනිස්සු නැහැ.
Prabha Friday, 29 January 2021 09:35 AM
එතකොට වැල්ලවත්ත තියෙන්නේ උතුරේද?