(නිමල කොඩිතුවක්කු)
ජාතික නිදහස් දින සැමරුම මින් ඉදිරියට සමරනු ලබන්නේ ජාතික දින සැමරුම ලෙස යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තියේ නිදහස් දිනය සඳහන් වන්නේ ජාතික දිනය ලෙස බවත් ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
‘‘නිදහස් දිනය හඳුන්වන්නේ ජාතික දිනය ලෙයසි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තියේ ජාතික දිනය ලෙස තමයි එය සඳහන් වෙන්නේ. එහි තිබෙන්නේ නැෂනල් ඬේ යනුවෙන්. එහෙම නැතුව ෆ‍්‍රීඩම් ඬේ නෙමෙයි. ඒක තමයි අපිත් භාවිතා කළේ. මේ ගැන විශාල ප‍්‍රශ්නයක් ඇති කරගන්න එපා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තිය අනුව මෙය නිවැරදියි’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
ඔන්න දැම්මම මැතිවරණ පරාජය පෙන්නුම් කලා
ඇති යාන්තං....අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය විසඳුනා.
මුහුනෙන්ම පේනවා වංකව ද අවන්කවද ක්‍රියා කරන්නේ යන්න.
ඒ කියන්නේ අපි ජාතියක් වශයෙන් පිලිගැනුනේ 04/02/1948 දා ඉඳලා කියලද ??
ජාතියට තියෙන ප්‍රශ්නය වර්ථමාන පාලකයා ගැන තියෙන සැකයයි.ඔවුන් රටට , ජාතියට සෙතක්වන දෙයක් කරයි ද ?
ලැජ්ජයි ලගදීම රටේ නමත් මාරු කරන්න යනවා කියලත් දන්නවා.
දැන් අපිට නියම නිදහස තියෙන නිසා උත්සව දවසේ නම වෙනස් කරන්න හිතෙන්න ඇති එතුමාට. ලොකු සේවයක්නේ එතුමා කරලා තියෙන්නේ. මෙවන් නායකයෝ පහල වෙලා තියෙන්නේ අපේ වාසනාවට මිසක් වෙන මොකටද? අනේ වාසනාවන්!
මම දන්න විදිහට ජාතික දිනය කියලා සැමරුවේ අපි සම්පූර්ණයෙන් සුද්දගෙන් නිදහස් වුණු මැයි 22. හරි විදිහට අපගේ නිදහස් දිනයද විය යුත්තේ මෙදිනයි.. මෙම දිනය සැමරීම එජාපය අකමැති විය එයට හේතුව බණ්ඩාරනායකලා එක්ක තිබ්බ වෛරය.. නමුත් ඇත්තටම අපි නිදහස් වුනේ පෙබරවාරි 4 නොවේ.. මැයි 22... එදින තමයි සිංහලයින්ට සිංහල රට අහිමි වූ දා.. ඉංග්‍රීසියෙන් සිලෝන් කිව්ව සිංහල රට ශ්රී ලංකා වුනේ එදා...