IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිට නිල නිවස ලැබී නැහැ

(තිළිණි ද සිල්වා)
 

සිය නිල නිවස නියමිත පරිදි නොලැබීම හේතුවෙන් නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාට නෙදර්ලන්තයේ හෝටලයක නවාතැන් ගැනීමට සිදුව ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
 

නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා නව තානාපති සුමිත් නාකන්දල මහතාට මෙලෙස හෝටලයක නවාතැන් ගැනීමට සිදුව ඇත්තේ මීට පෙර එරට ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කළ තැනැත්තා සිය සේවා කාලය අවසන් කළද එම නිල නිවස නියමිත පරිදි බාර නොදීම හේතුවෙන් යැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
නාකන්දල මහතා නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් නිල වශයෙන් වැඩ බාර ගනු ලැබුවේ මීට සති කිහිපයකට පෙරය.
 
 
මේ වන විට ඔහු නෙදර්ලන්තයේ හේග් නුවර හෝටලයක නවාතැන් ගෙන සිටින බවද  ගැනීමට එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
හිටපු තානාපති සහ නව තානාපති යන දෙදෙනාම හේග් නුවර රැඳී සිටින බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
 
මේ අතර හිටපු තානාපති සාදික් මහතාගේ සේවා කාලය අවසන් වීම නිමිත්තෙන් පිරිසක් ඉකුත් 19 වැනිදා ඔහුට සමුගැනීමේ සාදයක් සංවිධානයක් කර ඇති අතර ඊට ඔහු සහභාගී වී නැතැයිද තානාපති ආරංචි මාර්ගවලින් සදහන් වේ.
 
හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේද දැඩි අවධානය යොමු ඇතැයිද තානාපති ආරංචි මාර්ග කියා සිටී.


ඒ.එම්.ජේ.සාදික් මහතා  සහ සුමිත් නාකන්දල යන මහත්වරු දෙදෙනාම වෘත්තීයෙන් ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු වෙති. නාකන්දල මහතා නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීමට පෙර විදේශ කටයුතු අමත්‍යාංශයේ. අතිරේක ලේකම් ( ද්විපාර්ශික කටයුතු )ලෙසද කටයුතු කළේය.ඊට අමතරව හෙතෙම ⁣කාලයක් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති සහ ලන්ඩන්යේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කළේය.
 
ඒ.එම් සාදික් මහතාද බුසීලයේ ශ්‍රී ලංකා තානාපති ඇතුළු රටවල් කිහිපයකම තානාපති වශයෙන් කටයුතු කළ රාජ්‍යතාන්ත්‍රිකයෙකි.
 
 විදේශ කටයුතු අමාත්‍යාංශයේ පොදු සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලංකාදීපයට කියා සිටියේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන්  නිල තොරතුරු වාර්තා වී නොමැති බවත්, ඒ පිළිබදව වැඩිදුර කරුණු පැවසිය හැකි වන්නේ අද (08) දිනයේ තොරතුරු විමසීමකින් පසුව බවත්ය. 
 
නමුත් සාමාන්‍ය පත්වීම් ලද තානාපතිවරයෙකු එරට රාජ්‍ය නායකයා වෙත අක්තපත ප්‍රදානය කළ පසු එරට රැදී සිටිය නොහැකි බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. හිටපු තානාපතිවරයාට සිය සේවා කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ බඩුභාණ්ඩ ⁣නැවත දිවයිනට ගෙන්වා ගැනීම සදහා යම් කාලයක් ගත වන බවද ඔහු පැවසීය.



අදහස් (9)

නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිට නිල නිවස ලැබී නැහැ

Akila Monday, 08 July 2019 02:56 AM

මේකෙන් පෙනෙන්නේ අපේ කොන්ද පණනැති ආණ්ඩුවේ හැටි තමයි ,

:       54       267

lalithm Monday, 08 July 2019 03:16 AM

රාජ්‍ය සේවකයිනුත් දේශපාලු බලුපොරයට එක්වෙලා. මොහු පිටුපස මොකෙක් හරි දේශපාලුවෙක් ඉන්නවා.

:       0       129

Kakiya Kea Monday, 08 July 2019 03:40 AM

අරයා නිලනිවාසයේ. මෙයා හෝටලේ ඕවට කාගේ සල්ලිද වියදම් කරන්නේ. පාලනයක් නැති පාලනය ....

:       0       163

දිමුත් Monday, 08 July 2019 04:36 AM

සාදික්ගේ ගම කූරගල පැත්තේද?

:       3       111

Nana Monday, 08 July 2019 05:13 AM

ජෝක් එකක්ද ? හෝටලේ සල්ලි ගෙවන්නේ කවුද?

:       0       67

රවින් Monday, 08 July 2019 05:55 AM

පෙර තානතිපතිගේ නිල ධූර කාලය අවසන්ද? නිල කාලය අවසන් නම් තම පුද්ගලික භාණ්ඩ තානාතිපති නිවසින් ඉවත් කරගැනීමට දීර්ඝ කාලයක් අවශ්‍ය නැහැ. ඔහු හෝ ඇය දන්නවා තම නිල කාලය අවසන් වග. නමුත් පසුගිය වකවානුවේ දේශපාලන බලපෑම් මත කාලය දීර්ඝ කල අවස්ථා අපමණයි. හිතුවද දන්නේ නැහැ එහෙම වෙයි කියලා. කොහොම උනත් ඔය කියන නිලධාරියාව වහාම මෙරටට ගෙන්වා සාමාන්‍යයෙන් ලංකාවේ සේවය කලයුතු පරිච්ඡේදය වගේ දෙගුණයක් ලංකාව තුළ සේවය කිරීමට සැලසීමෙන් තානාතිපති සේවයේ ගෞරවය රැකගත හැකිවේ. දඬුවම් නොදුන්නොත් හැමදෙනාම ඔය වැඩේ පටන් ගනීවි. එතකොට ලංකාව දේශපාලනිකව හා අනිකුත් සියලු අංශයන්ගෙන් ලෝකයා ඉදිරියේ අපහාසයට ලක්වේවි.

:       0       6

Prabha Monday, 08 July 2019 06:25 AM

කරගෙන ගිය ව්‍යාපාර කටයුතු එහෙමත් ඉවරයක් කරලා දාන්න.... ටිකක් කල් වෙලාව අවශ්‍ය ඇති..

:       0       21

isuru Monday, 08 July 2019 07:00 AM

එක ඔයාලගේ ජනාධිපතිටයි විරුද්ධ පක්ෂයේ නායකතුමාලා දෙන්නගේ කුමන්ත්‍රණයක් ...!

:       0       0

sehan Monday, 08 July 2019 08:18 AM

තම්බි ගිය තැනකින් එලවාගන්න ලේසි නැහැ.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site