IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


නොදැනිම දරුවා ඇකයෙන් වැටුණා:මයිල හතක් ගොස් අම්මට දැනුණා

( +++ වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)

“නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා” යන ගුත්තිල කාව්‍යයේ එන කවි පදය සජීවී අත්දැකීමක් බවට පත්වූ පුවතක් වතුපිටිවල රෝහලෙන් ඉකුත් 13 වැනිදා වාර්තා විය.

තරුණ අඹු සැමි යුවලක් පසුගිය 13 වැනිදා රාත්‍රියේ මාතලේ සිට කොළඹ බලා යමින් සිටියේ ත්‍රිරෝද රථයකිනි. ඔවුන්ගේ අවුරුදු 8ක් පමණ වන දරුවා ද මාස හතක් වන බිලිඳා ද ඔවුන් සමග වූහ. මාස හතේ බිලිඳා මවු ඇකයේ තද නින්දක වැටී සිටියේය. ත්‍රිරෝද රථය පියා විසින් පදවා ඇත.

කතාබහකින් තොරව පියා ත්‍රිරෝද රථය පැදවූයේ බිරිය ද නින්දට පත්ව සිටි හෙයිනි. එක් අවස්ථාවක දී පියා බිරිය හා දරු දෙදෙනා දෙස බැලූ විට දැක තිබෙන්නේ බිරියගේ තුරුලෙහි සිටි බිලිඳා නොමැති බවය. වහා ත්‍රිරෝද රථය නතර කළ සැමියා බිරිය අවදිකර බිලිඳා ගැන විමසා තිබේ. එහෙත් බිලිඳාට වූ දෙයක් ඒ මව දැන සිටියේ නැත.

ත්‍රිරෝද රථය  හරවා ගත් පියා මග දෙපස බලමින් හා මග දෙපස සිටි මිනිසුන්ගෙන් විමසමින් කිලෝමීටර 6ක පමණ දුරක් පැමිණ ඇත. මහ මග වැටී සිටි බිලිඳකු වතුපිටිවල රෝහලට රැගෙන ගිය බව ඔවුන්ට ප්‍රකාශ කළේ මග රැඳී සිටි මිනිසෙකි. ඒ තිහාරිය ප්‍රදේශයේදීය. මව්පිය දෙදෙනා වහා වතුපිටිවල රෝහලට ගියහ. මහ පාරේ වැටී සිටි දරුවා තමන්ගේ යැයි එම මවුපිය දෙපළ රෝහල් කාර්ය මණ්ඩලයට පවසා ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

ධාවනය වූ ත්‍රිරෝද රථයෙන් ඇද වැටුණද දරුවා සීරීම් තුවාල පමණක් ලබා තිබීම හාස්කමක් යැයි ප්‍රකාශ කළේ නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාය. බිම වැටුණු දරුවා වෙනත් වාහනයකට යට නොවීම හාස්කමකින් වෙනස් නොවන්නකි.

දරුවකු කෙඳිරි ගාන ශබ්දය ඇසී ඒ දෙස විපරම් කිරීමේ දී බිම වැටී සිටි දරුවා දැක වහාම වතුපිටිවල රෝහලට දරුවා රැගෙන ගොස් බාර දී තිබෙන්නේ නිට්ටඹුව - තිහාරියේ ටයිල් අලෙවිසලක සේවය කරන මොහොමඞ් යුසුප් මොහොමදු නමැති තරුණයෙකි. අනවශ්‍ය කරදරයක් ඇඟට දා ගැනීමකැයි සිතා මෙබඳු අවස්ථා මගහැර යන මිනිසුන් සිටින රටක එම මුස්ලිම් ජාතික තරුණයා අගනා ආදර්ශයක් සමාජයට ලබා දුන්නේය.

මෙම මව්පිය දෙපළ මාතලේ සිට කොළඹ බලා පැමිණ ඇත්තේ ආගමන විගමන කාර්යාලයට යාමට යැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. තමන් තද නින්දට පත්වීම නිසා දරුවා බිම වැටෙනු නොදැනුන බව එම අම්මා කඳුළු පිරි දෙනෙතින් පොලිස් නිලධාරින් හමුවේ පවසා ඇත.



අදහස් (3)

නොදැනිම දරුවා ඇකයෙන් වැටුණා:මයිල හතක් ගොස් අම්මට දැනුණා

සමන් ඕස්ට්‍රේලියාව Wednesday, 15 January 2020 06:03 AM

99% ක් මුස්ලිම් මිනිස්සු ඉතා හොදයි. නමුත් අර 1% ක් අර 99 ම නම නරක් කරනවා.

:       0       336

KamalWednesday, 15 January 2020 08:23 AM

ඉතින් මහත්තයෝ ඔයා කියන්නෙ සිංහල මිනිස්සු 100% ම හොඳයි කියලද? මොන ජාතියෙත් එහෙම තමා.

:       0       121

සෙනෙවිරත්න Wednesday, 15 January 2020 08:28 AM

මිනිසුන් වර්ග ජාති අනුව වෙනස් නොවේ. කර ඇත්තේ ලේබල් ඇලවීම පමණි. නරක අය හැමෝම අතර සිටී.

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 253 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 303 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site