(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීති කඩන ගෑස් සමාගම්වලට විරුද්ධව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගෑස් පිලිබඳ ගැටලු සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
COMMENTS
නඩු බොරුවක්ද
එක්කෝ නිදොස්කොට නිදහස්... නැතිනම් තාක්ෂණික හේතු මත නඩුව ඉල්ලා අස්කර ගත්තා.. අනේ මේ අයගේ නඩු...
වචනවලට වඩා ක්‍රියාව බලවත්...
අනේ ඔබගේ නඩු... ගෑස් සමාගම තාමත් පාරිභෝගිකයින් ගසාකනවා. ඔබලා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන බලා සිටිනවා.
මොන බම්බුවකටද නඩුදාලා තියෙන්නේ...? මේ කරපු වංචාවට ගෑස් කොන්ත්‍රාත් ගිවිසුම කැන්සල් කරන්න පුළුවන්නේ. ඇයි එසේ නොකරන්නේ? තමන්ගේ පැත්තේ, තමන්ගේ ගජ මිතුරන් නිසා. රට හා ජනතාව රවටන්න නිකං සුදුළූණු පොඩිකරනවා.