IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන්ගේ උපයාගත් දේපළ රාජසන්ත කරන්න යයි

(ඉන්දිකා රාමනායක)

 

මහාපරිමාණ නීති විරෝධී මත්පැන්  ජාවාරම්කරුවන් උපයාගත් දේපළ හා මුදල්  ඉදිරියේ මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ  රාජසන්තක  කිරීමට අවශ්‍ය පියවර ගන්නා  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා අද (14) පැවසීය.

සංවිධානාත්මක අපරාධ හරහා උපයාගත් දේපළ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ  දේපළ හා ගිණුම් තහනම් කරන ආකාරයකටම  නීතිවිරෝධී මත්ජාවාරම්කරුවන්ගේ දේපළ ද ඉදිරියේ තහනම් වන බවද  ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

මේ සදහා වැඩබලන පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට,   වලාන මධ්‍යම  දුෂණ මර්දන  ප්‍රහාරක ඒකකයේ  අධ්‍යක්ෂවරයාට හා විශේෂ  කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාට  අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේය.

මේ අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  පසුගිය  සති දෙකක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා  රුපියල් කෝටි 220 ට අධික ප්‍රමාණයක මුදලක් ගිණුම් හරහා සංසරණය කර ඇති බවට හෙළි ව ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා  සිටියේය.

මෙම මුද, විදේශ රටවලට ජාවාරම්කරුවන් අතට පත් කර ඇති ද,  මෙම මුදල් ආයෝජනය කර ඇත්තේ කවුද, යන්න හෙළි කර ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාර 11 ක් පමණ  පසුගිය මාසය තුළ වැටලු බවද හෙතෙම  කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

 



අදහස් (18)

නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන්ගේ උපයාගත් දේපළ රාජසන්ත කරන්න යයි

සේරසිංහ Friday, 14 August 2020 02:50 PM

අම්මෝ එහෙනම් ඇමැති ජොනීගේ දේපළත් රාජ සන්තක කරන්න වෙයි නේද?

:       0       0

සේරසිංහ Friday, 14 August 2020 02:50 PM

අම්මෝ එහෙනම් ඇමැති ජොනීගේ දේපළත් රාජ සන්තක කරන්නවෙයි නේද?

:       0       0

Kuma Friday, 14 August 2020 04:03 PM

අල්ලාගත් මත්ද්‍රව්‍ය නම් රාජසන්තක කරන්නේ නෑනේ. නැවත විකිණීම සිද්ධ කරනවනේ...

:       1       101

siri Friday, 14 August 2020 05:14 PM

කිතුල් රා පොල්කට්ටක් පෙරාගත්ත මිනිස්සු අල්ලනවා වගේම අර මහා පරිමාණයේ එතනෝල් කාරයින්ගේ ඒවාට මොකද කරන්න හිතාගෙන ඉන්නේ?

:       0       0

Perera Friday, 14 August 2020 08:50 PM

කසිප්පු කාරයොයි, හොර අරක්කු කාරයොයි තමයි පාර්ලිමේන්තුවේ ඉන්න සමහරක් අයගේ ඡන්ද ව්‍යාපාරයට වියදම් කළේ.. එහෙව් එකේ එහෙම වැටලීම් කරලා දේපළ රාජසන්තක කරනවා කියන්නේ නිකන් ජනතාව රැවටීමක් පමණයි.

:       0       73

Binkunndaa Friday, 14 August 2020 09:12 PM

එතකොට මැති ඇමැතිලාගේ කසිප්ප, ඉස්කාගාර අල්ලගත් ඒවට මොනවත් වෙන්නේ නැත්ද?

:       0       124

ධනා Friday, 14 August 2020 10:53 PM

ඕවා අල්ලන්නේ ඡන්දේ ඉවර වෙනකන් විතරයි.

:       2       14

K Perera Saturday, 15 August 2020 03:41 AM

ඉතා හොඳ වැඩක්... අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ දෙයක්.. මහාපරිමාණයෙන් කරන අයගේ විතරක් නොව සුළුවෙන් කරන අයගේත් දේපළ රාජසන්තක කරන්න ඕනේ...

:       0       23

අප්පුහාමි අප්පුහාමි Saturday, 15 August 2020 03:57 AM

දියවන්නාවේ අයටත් බලපානවද? අපොයි මෙච්චර කල් හම්බ කරපු දේපල...

:       0       126

Nimal Saturday, 15 August 2020 08:52 AM

කරන්න යන ඒවා අපිට කියන්න එපා. ඒ කතා ගැන අපිට කිසි විශ්වාසයක් නැහැ. කරලා ඉවර වුණාට පස්සේ කළා කියලා පෙන්නුවාම ඇති. මේවා අහල අහලා දැන් අපිට එපාවෙලා තියෙන්නේ...

:       0       158

prabha Saturday, 15 August 2020 11:14 AM

සියලු කසිප්පු ව්‍යාපාරිකයන් අපේ ජනතාවගේ බහුතර කැමැත්ත පරිදි පාර්ලිමේන්තු යවා ඇත. දැන් අල්ලයි නැට්ට...

:       0       14

kamal Saturday, 15 August 2020 11:46 AM

එතනෝල් කාරයින්ටද?

:       0       7

කමල් Saturday, 15 August 2020 12:04 PM

නිමල් මහතා කිව්වා වගේ තවමත් ඕක කෙරෙන්නේ නැද්ද? එතකොට මෙච්චර කල් කෙරුවේ උපයාගත් දේපල දරුපවුලට දීපු එකද? කෝටිගාණක් කුඩු විකුණලා හම්බ කරලා, දරුවන්ට දීලා හිරේ ගිහින් ජීවිතේ සැඳෑසමය පිනට කාලා ඉන්න පුලුවන් නම් මෙතුවක්කල් අපේ රටේ ක්‍රියාත්මකවූ නීතිය කුමක්ද?

:       0       20

de silva Saturday, 15 August 2020 03:54 PM

කුඩු මුදලාලිලාට අධිකරණයෙන් නියම කරන ලද දඬුවම ක්‍රියාත්මක කරගන්න බැරුව දඟලන රටේ ඕවා කරන්නේ කොහොමද?

:       0       128

sugath Saturday, 15 August 2020 04:45 PM

හොඳ තීරණයක්.. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේත්, පවුලේ කට්ටියගේත් සියලු වත්කම් නැතිවෙයි එහෙම ගියොත්...

:       0       0

සෙනෙවිරත්න Saturday, 15 August 2020 04:49 PM

බොහොම ලේසියි. හැම බැංකුවකම රු මිලියනයට වඩා ට්‍රාන්සැක්ෂන් මාසිකව ගන්න ලැබුණු විදය අහන්න. ලෑන්ඩ් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ඔප්පු ලියාපදිංචි හොයන්න, බඩු මාට්ටු මේවා නෙකරන එකයිි අපට ගැටලුව, දේශපාලකයින් කොනක ඉන්න නිසා මේවා යටයනවා..

:       0       0

kamani Sunday, 16 August 2020 07:55 AM

උතුමාලගේ කතා අසා ... සැනසේමි හිත සනසා... බොරුවට මා රවටා... යනවා නේද හුරු මග සාදා...

:       0       0

de silva Sunday, 16 August 2020 10:04 AM

දැන් මාස කීපයකට කළින් ලොකු සර් රියදුරු බලපත් කන්තෝරුවට ගිහින් කරපු රඟපෑම් වගේ ඕවා අපිව සනසන්න බොරුවට කියන කතා... ඕවාට අපි රැවටෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 842 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site