(ඉන්දිකා රාමනායක)
කහ මෙරටට ගෙන්වීමට සීමා පනවා තිබියදී එම සීමා නොනකා මෙරටට කහ ආනයනය කර ඇති කහ බහාලුම් 45 කට අධික සංඛ්‍යාවක් සම්බනධයෙන් ශ්‍රී ලංකා රේගුව විමර්ශන ආරම්භ කර ඇති බව රේගු ආරංචි මාර්ග කියයි.
මෙම ක්ටේනර් සියල්ල රේගු බාරයට ගෙන මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම කහ කන්ටේනර් නීති විරෝධී ලෙසට මෙරට ගෙන්වු ඒවා බවට පරීක්ෂණ වලදී හෙළි වුවහොත් ඒවා රාජසන්ත කිරීමට පියවර ගන්නා බවද සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම සියලු කහ ඉන්දියාවේ සිට ආනයන කළ ඒවා බවද පැවසේ.
කහකුඩු මිළ ඉහළ යාමත් සමග රජය කහකුඩු සදහා රුපියල් 750 ක උපරිම මිළක් නියම කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ආනයනය කිරීම සීමා කර තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලියන්නේ කල්පිටිය පාරේ නොරොච්චෝලේ සිට. ඇඳිරි නීතිය දාපු දවසේ සිට අද දක්වා නොරච්චෝලේ ෆුඩ්සිටි සහ නිශාත් ස්ටෝර් දෙකෙහිම කහ කුඩු ග්‍රෑම් 100ක් රු300/- යි...
වෙළඳ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කළ ආකාරයට ක්‍රියාත්මක කිරීම ගැන රජයට ස්තූතියි. රජය සමඟ වැඩ කිරීම ගැන රේගු නිලධාරීන්ට ස්තූතියි.
මේ පින්තුරෙ තියෙන්නේ කහ නෙමෙයි නේ... !!!
මේ ආණ්ඩුවට හරියට කහගන්නවත් බැහැනේ...
කහකුඩු කියා මේ ප්‍රදේශයේ විකුණන කහවල කහ තිබෙනවත්දැයි කියා සැකයි. ඒවායේ මිල ග්‍රෑම් 100 රුපියල් 300යයි. බියගම, මල්වාන ප්‍රදේශයේ මෙම ජාවාරම කරනවා. පුළුවන් නම් අත්අඩංගුවට ගන්න. ඔය කහ තොගය සතොස හරහා ජනතාවට විකුණන්න.