IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් වළක්වන මානව හිමිකම් නිර්දේශ පොලිසිය පිළිගනී

(තරිඳු ජයවර්ධන)
 
නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති මාර්ගෝපදේශ ගැන සැලකිලිමත් වී කටයුතු කිරීමට සියලු පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව උපදෙස් දී තිබේ.
 
පසුගිය කාලයේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් රැසක් වාර්තාවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම මාර්ගෝපදේශ පොලිසියට යොමු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ විශ්වාසනීය තොරතුරු ලැබීමෙන් පසු සාධාරණ සැකයක් මත මිස අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා වැරදි සොයා යායුතු නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය මාර්ගෝපදේශවලින් අවධාරණය කර තිබේ.
 
අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකම නිසි විමර්ශනයක් අනුව සාධාරණ සැකයක් ඇති කිරීමට හැකි ස්ථිර සාක්කි තිබීම වැදගත් වන අතර අත්අඩංගුවට ගැනීම හුදෙක් ප්‍රවාදක සාක්කි මත පමණක් පදනම් විය යුතු නැති බව ද එම කොමිෂන් සභාව සිය මාර්ගෝපදේශවල සඳහන් කර ඇත.

එක් එක් සංස්කෘතිය පදනම් කර ගනිමින් ආගමික සංකේත හඳුනා ගැනීම හෝ එම සංස්කෘතියට අදාළ භාෂාවන්ගෙන් ලියා ඇති වදනක අන්තර්ගතය හඳුනා ගැනීම වැනි කරුණුවලදී ගැටළු ඇති විට ඒ පිළිබඳ විශේෂඥ මතයක් ලබා ගත යුතු බව ද සඳහන් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්අඩංගුවට ගැනීම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ද දක්වා තිබේ.
එම මාර්ගෝප දේශ සහ නඩු තීන්දුව ගැන ඇතුළත් වාර්තාවක් සියලු පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමු කරන ලෙස දැනුම් දෙමින් වැඩබලන පොලිස්පතිවයා විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 



අදහස් (3)

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් වළක්වන මානව හිමිකම් නිර්දේශ පොලිසිය පිළිගනී

kolam boss Thursday, 29 August 2019 04:55 PM

ක්‍රමය නම් දියුණු රටක ක්‍රියාත්මක වන ක්‍රම වේදයයි. නමුත් අපේ රටේ මේක කරන්න පුළුවන් වෙයිද කියා සැකයි .ඔබ දන්නවද නිල ඇඳුම ඇඳගෙන සිටින නිලදාරියෙක් සමග සාමන්‍ය කෙනෙක් බහින්බස් වීමක් උනොත් [ තර්ක කිරීමක් කලොත් ] එම පුද්ගලයාව රාජකාරියට බාදා කළා කියා පොලිසි රැගෙන යන නිලදාරීන් ඉන්න රටක් මේක. අනිකුත් රජයේ ආයතන වලත් මේ වගේම තමයි . දියුණු රටවල රජයේ නිලදාරීන් උපරිම ලෙස මහන්සි වී තම රැකියාව කාර්යක්ෂමව කරනවා . ඔවුන් එය ආරක්ෂා කරගන්නේ ජනතාවට උපරිම සේවය දීමෙන් සහ තමන්ගේ බල සීමාව තුල ඉඳන් . නමුත් අපේ රටේ රජයේ නිලදාරීන් කුමන හෝ දේශපාලකයෙක් මගින් හෝ දේශපාලන හෙන්චයියෙක්ගේ හයියෙන් ජනතාවට කොකා පෙන්නමින් තමයි රැකියාව ආරක්ෂා කරගන්නේ . .

:       0       118

Appuhamy Friday, 30 August 2019 01:07 AM

පිලිගත්තට කොරයිද කියල තමයි ප්‍රශ්නේ ?

:       0       106

නෙවිල් ගුණසේකර Friday, 30 August 2019 06:55 AM

මේක පොලිසියේ වැදගත් තීරණයක්.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හිටපු ජනපතිවරුන්ගේ නිවාසවල වටිනාකම මනින්න යයි
2025 ජනවාරි මස 21 794 0

හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.


ගල්වලේ සේවකයෙක් සිරවී මරුට
2025 ජනවාරි මස 20 557 0

ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි ප


ට්‍රම්ප් දිවුරුම් දෙයි
2025 ජනවාරි මස 20 675 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.


හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්
2025 ජනවාරි මස 20 1737 0

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහ


ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති
2025 ජනවාරි මස 20 551 0

වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.


දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 20 56 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 400 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 613 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 333 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site