(ජයන්ත සමරකෝන්)
ආගමන විගමන නීතිරිති උල්ලංඝණය කරමින් මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින සංචාරකයින් 7000 කට අධික සංඛ්‍යාවක් රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සංචාරක වීසා මත පැමිණ නීතිවිරෝධී අයුරින් මෙරට රැඳී සිටින වැඩිදෙනා ඉන්දියානු හා චීන ජාතිකයින් බවද, එහි වැඩබලන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.
නේවාසික වීසා මත පැමිණ සිටින හා එම කාලය අවසන් විදේශීය ජාතිකයින් ද මේ අතර වන බව රත්නායක මහතා කීය.
COMMENTS
දියවන්නාවෙත් ඉන්නවා පිටුවහල් කලයුතු අධමයින් තොගයක්.. බැරිවෙයිද දන්නේ නැහැ මුකුත් කරගන්න ඔය ගමන්ම...
ආගමන විගමන දෙපාර්තමේන්තුව නිදාගෙනද හිටියේ සංචාරකයින් 7000 වීසා කාලය අවසන් වෙනකම් බලන් හිටියේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්නේ නැද්ද වීසා කාලය අවසන් නම් එයාලා අත් අඩංගුවට අරගන්න. අනෙක ලංකාවේ පොලිසියට නීතියක් නැද්ද මෙරට සිටින සංචාරකයන්ගේ වීසා පරික්ෂා කරන්න දුටු තැනදී? එහෙම පරික්ෂාවට ලක් වෙනව නම් මෙවැනි පිලිකාවල් තුරන් කරන්න පුළුවන් රටින්. තවත් එකක් ලංකාවේ රැකියා දෙන තැන්, සේවා ස්ථානයේ හිමිකරු මොවුන්ට සේවා දෙනකොට වීසා බලන්නේ නැද්ද.?
අර ජෝන්තුමා කිව්ව තරුණ ඉන්දියානු කස්ටිය වෙන්ටෑ මගේ හිතේ...
මේ අය පිටමන් කරන්ට ගුවන් ටිකට් ගන්නේ කාගේ මුදලින්ද?
250 කගේ ජීවිත පූජාවේ ප්‍රතිඵල... ජේසුස් වහන්සේ ජීවිතය පූජා කලේ මිනිස් වර්ගයා වෙනුවෙන්... මේ මිනිසුන් 253දෙනා ජීවිත පූජා කලේ සිංහල ජාතිය වෙනුවෙන්... නැතිනම් මුස්ලිම් ත්‍රස්තයා සිංහල අපිව නිදි පැදුරේ මැරෙනතුරු අපි දන්නේ නැත. එසේ වුණානම් ඔය කියන මධ්‍යස්ත මුස්ලිම් ජනතාවක් රටේ කොහෙවත් සොයාගන්නේ නැත. එමනිසා රැවටෙන්න එපා...
ආගමන විගමන දෙපාර්තමේන්තුව මර නින්දෙන් ඇහැරුණු එකම ලොකු දෙයක්. එත් තවම බොහෝ අය නින්දේ.
තාම පිටුවහල් කලේ නැහැ. ටිකට් ගන්න සල්ලි ඉල්ලලා තියෙන්නේ බන්ධනාගාරයෙන්ලු. අනේ අපෙ බදු සල්ලි