IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානු කම්කරුවෝ 44ක් අත්අඩංගුවට

(ජයන්ත සමරකෝන්)
 
වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ඉදිකිරීමේ වැඩබිමක සේවය කළ ඉන්දියානු ජාතිකයින් 44දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(05) කොම්පඤ්ඤවීදියේ වැඩබිමකදී අත්අඩංගුවට ගෙන ඇත.
 
එහි සේවය කළ තවත් ඉන්දියානු කම්කරුවන් 18 දෙනෙකුගේ ගමන් බලපත්‍රවල වෙනත් ඉදිකිරීම් ආයතනයක නමක් සඳහන්වීම හේතුවෙන් එම බලපත්‍ර සිය භාරයට ගත් බවද සහකාර පාලක(විමර්ශන) නිලධාරී එම්.ජී.එම්. කාරියවසම් මහතා පැවසීය.
 
අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයින් 44 දෙනාගේ වීසා කාලය මාස 3කට වඩා ඉක්ම ගොස් තිබූ බවද ඒ මහතා කීය.
 
මෙම පිරිස මේ  වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා ඇත.
 
ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම වැටලීම කර ඇත.



අදහස් (2)

නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානු කම්කරුවෝ 44ක් අත්අඩංගුවට

අතුල Thursday, 05 September 2019 11:06 AM

කොම්පඤ්ඤවීදියේ මෙහෙම නම් රටේ අනිත් ප්‍රදේශවල (විශේෂයෙන් උ/නැ) කොපමණ ඇත්ද? මගේ ප්‍රශ්නය මේකයි, මේ 44 දෙනා රටෙන් පිටමං කරනතුරු අවධානයෙන් සිටිය යුතුයි..

:       0       1

Appuhamy Thursday, 05 September 2019 12:09 PM

මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා වැඩකරන්නේ ලංකාවේ උන්ගෙන් වැඩ ගන්න්න අමාරු නිසයි.. ලංකාවේ අය හරියට වැඩ නොකරන කම්මැලි ජාතියක් නිසයි. මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා වැඩකරා කියලා ලංකාවේ උන්ගේ රස්සා අඩු වෙන්නේ නැහැ.. ලංකාවේ උන්ට ඕනෑතරම් රස්සා තියෙනවා.. එ්ත් අපේ අයට රස්සාවක් කරන්න ඕනෑකමක් නැහැ..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site