(ජයන්ත සමරකෝන්)
වීසා කාලය අවසන්ව නීතිවිරෝධීව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දියානුවන් 14දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(08) අත්අඩංගුවට ගෙන ඇත.
මෙයින් ඉන්දියානුවෝ 12දෙනෙක් අලුත්ගම ප්‍රදේශයේ හෝටලයක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටි අය වෙති.
එම පුද්ගලයන් 12 දෙනා සංචාරක වීසා මත පැමිණ එම කාලය ඉක්මවා, නීතිවිරෝධීව රැඳී සිටිමින් ඉදිකිරීමේ සේවාවන්හි යෙදී ඇති බවත්, අනෙක් දෙදෙනා නේවාසික වීසා මත පැමිණ එම වීසාකාලය ඉක්මවා රැඳී සිටි බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙම සැකකරුවන් 14 දෙනා මිරිහාන රැඳවුම් නිවාසයේ රඳවා ප්‍රශ්න කරගෙන යන බව එම විමර්ශන හා බුද්ධි ඒකකය පවසයි.
මොවුන්ට නඩු පවරා දඬුවම් කර රටින් පිටුවහල් කරන බවද එම ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානුවන් 14ක් අත්අඩංගුවට