(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මාල තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 9දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් ගම්පහ, නිට්ටඹුව, කිරිදිවැල, යක්කල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයනි පිරිසකි.
ඔවුන් අද (03) අලුයම 2.30ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානා දෙකෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් මෙම සාදා නිම නොකළ රන් මාල තොගය යළි රන් ව්‍යාපාරිකයන් වෙත විකිණීමේ අදහසින් මෙරටට ගෙනැවිත් ඇති අතර, කිලෝග්‍රෑම් 04ක් පමණ වන මෙම මාල තොගය සිය ගමන් මලු වල සගවා ගෙන පැමිණ තිබුණි.
මේ වනවිට මෙම මාල තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන්ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත බාරදී තිබේ.


COMMENTS
හරි ලොකු වැඩක් කරලා වගේ කට්ටියම ෆොටෝ එකට මුහුණ දාගෙන ඉන්නේ...
අනේ රත්තරන් කන්ද...
රන් මාල පෙනුනට කුණු කඳු එනවා පේන්නේ නැහැ. ෆොටෝ වලට එන්න ඕනෑ රෙදිත් නැතිව...
බෑග් එකක් අස්සේ තියන රන් මාල හොයන කස්ටම් එකේ මහත්වරුන්ට ඇයි දෙයියනේ අච්චර ලොකු කුණු කන්ටේනර් අල්ලන්න බැරි...?
ෂාහ්... මගුල් ෆොටෝ එකකට වගේ කට්ටිය ලස්සනට ඉන්නවා. හිනාවෙන්න කියන්න අමතක වෙලා...
ලංකාවේ පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන්ට වඩා වත්කම් ඇති අය මේ රේගු නිලධාරීන් බව දන්නවද?
මේ රත්තරන් ගෙනැල්ලා තියෙන්නේ අපේ රට ඇතුළට.. නැතුව රටින් පිටකළා නොවෙයි.. බැංකු කොල්ලකරුවනි, නීතියට එහා හිතපල්ලා.
03 සෙනසුරාදා නිසා රේගුවේ කට්ටිය කැෂුවල් ඇඳලා නේද? හරි ලස්සනයි.