(ඔගස්ටින් ප්‍රනාන්දු)
නීති විරෝධීව බහුදින යාත්‍රාවකින් විදේශ රටකට යාමේ අරමුණින් හලාවත මෝය ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් තවත් පස්දෙනෙකු ද නොවැම්බර් 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත බී. අබේසිංහ මහතා අද (7) නියෝග කළේය.
මෙසේ නියෝග ලැබූයේ හලාවත වැල්ල කොළණියේ පදිංචි වර්ණකුලසුරිය ඇන්ටනි ප්‍රනාන්දු, වර්ණකුලසුරිය සුරේශ්, වර්ණකුලසුරිය වෙලින්ටන් සහ හලාවත ඉරණවිල පදිංචි එස්.පී.මයිකල් හා එස්.පී.පැතුම් ඉෂාර යන පස් දෙනාය.
බහු දින ධීවර යාත්‍රාවක නැග ප්‍රංශය බලා යාමේ සූදානමින් සිටින බවට ලැබූ තිබූ තොරතුරක් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ හලාවත පොලිසිය ඒකාබද්ධව කරන ලද පරීක්ෂණයකින් පසු පුද්ගලයින් හයදෙනෙකු හලාවත මෝය අසළ සැකකටයුතු ලෙසින් රැඳී සිටියදි ඊයේ (06) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ලද තොරතුරුවලට අනුව මෙම පුද්ගලයින් පස්දෙනාවද ඊයේ (06) සවස අත්අඩංගුවට ගත හැකි විය.
හලාවත පොලිසිය සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
COMMENTS
ඇයි, මල්ලිලාට මේ ඉන්න හිතෙන රටේ ඉන්න හිතෙන්නේ නැද්ද? මේවගේ සර්ව සාධාරණ, යුක්ති ගරුක මිනිස්සු ඉන්න රටක් නම් ඔයගොල්ලන්ට කවදාවත් හම්බවෙන්නේ නෑ. මල් තියල වඳින්න පුළුවන් නායකයෝ පිරිසක් නේද දෙයියනේ අපට ඉන්නේ? එහෙම කියල උසාවියෙන් නිදහස් වෙන්න බලන්න.