(කටුනායක ටී.කේ.ජී.කපිල )
අයිස් නමින් හදුන්වන මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාමක්කාල් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු අද (30) අලුයම 1.40 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයට අයත් එස්. ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
පසුව ව්‍යාපාරිකයන් රැගෙන එන භාණ්ඩ සදහා බදු ගෙවා පිටතට යා හැකි " රක්ත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී , ඔහු විසින් ගෙනැවිත් තිබූ මංගල සාරි තොගයක් අතර ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන තිබූ මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගනු ලැබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.
කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය , එස්.පී.
කිරිවත්තුඩුව , ආර්.රුෂාන්දන් , රේගු අධිකාරීවරුන් වන එම්.අයි.එම්.ස්මායිල්, ඩී.ඩබ්ලිව්.කේ.විජේතුංග, එච්.ඊ.ඩී.
පෙරේරා, කේ.ඒ.රුද්‍රිගු , සහකාර රේගු අධිකාරීවරුන් වන අමිල බණ්ඩාර , එච්. ඒ.පී.එන්.ගුණවර්ධන , ඩබ්ලිව්.එන්.ඩී. සී.ගුණවර්ධන ,ජේ.වී.ඩී.වික්‍රමසූරිය සහ එල්.එස්.ගමගේ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටියි.


2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගෙනආ ඉන්දීය ජාතිකයකු අල්ලයි
SARATH Saturday, 30 March 2019 04:26 AM
අනිත් මිනිස්සුන්ට වස දීලා හරි සල්ලි හම්බ කරන උන්ට ගල් ගහල මරන්න ඕනේ. විනාශ කරන්න ඕනේ පිළිල විනාශ කරන්නම ඕනේ. කිරි පොවලා හරියන්නේ නැහැ.
prabha Saturday, 30 March 2019 10:12 AM
නීති විරෝධී භාණ්ඩ අල්ලපු අයගේ මුහුණත් තහඩු ජන මාධ්‍යයට දෙන එකම රට..
menna Saturday, 30 March 2019 01:40 PM
"නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගෙන ආ" නීත්‍යානුකූලවත් මත්ද්‍රව්‍ය ගේන්න පුළුවන්ද?