(ඔගස්ටින් ප්‍රනාන්දු)
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රට දුම්වැටි තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(11) හලාවත සිංහපුර මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකටයුතු ලෙසින් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ තිබී දුම්වැටි 49,800ක් සොයාගත් බව පොලිසිය පවසයි.
දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගත් පුද්ගලයා හලාවත සිංහපුර පාරේ පදිංචි 54 හැවිරිදි අයෙකි.
ඩුබායි රටේ නිෂ්පාදන කරන ලද එම දුම්වැටි නීතිවිරෝධීව ලංකාවට ගෙනැවිත් තිබී ඇති බවද, ඒවා අලෙවි කිරීම සදහා රැගෙන යමින් තිබියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරු හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd