(ඔගස්ටින් ප්‍රනාන්දු)
නාත්තන්ඩිය නගරයේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි 18 දෙනා මේ මස 28 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මාරාවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා අද (14 ) නියම කළේය.
බන්ධනාගාර ගතකිරීමට නියම වූයේ මාරාවිල, නාත්තන්ඩිය, හත්තිනිය, තල්විල යන ප්‍රදේශවල පදිංචි තරුණ කණ්ඩායමකි.
ඔවුන් ඊයේ (13) මැදියම් රාත්‍රියත් අද (14) දහවල් කාලයත් අතර සිදු කළ පරීක්ෂණවලින් පසු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් හදිසි නීති රෙගුලාසි කඩ කරමින් සාමය බිඳ දැමීමේ චෝදනාවන් මත අත්අඩංගුවට ගෙන මාරාවිල පොලිසිය විසින් අධිචෝදනා ගොනුකර දිසා විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.
තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම පිණිස මාරාවිල පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd