(ඉන්දිකා රාමනායක)
නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල වෛද්‍ය සාෆි සිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන විවේචනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය ඉදිරියේ දී වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට, ශ්‍රේෂ්ඨාධිකරණයට හා නීතිඥ සංගමයට පැමිණිලි කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඕනෑම විමර්ශනයක් විවේචනය කිරීමට , සාධනීය විවේචන ඉදිරිපත් කිරීමට ඕනෑම පුද්ගලයකුට හැකියාවක් ඇති බවත් විමර්ශන සිදුකරන නිලධාරීන්ට තර්ජනය කිරීමට කිසිවකුට නොහැකි බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ජම්පරයක් අන්දවන බවට නීතිඥ මහතා ප‍්‍රකාශ කර ඇති බවත් පුද්ගලයකුට ජම්පර් අන්දන බවට නීතිවරයකුට ප‍්‍රකාශ කිරීමට හැකියාවක් නොමැකි බවත් එය තීරණය කරන්නේ අධිකරණය විසින් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
වෛද්‍ය සාෆි මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට කර ඇති මෙම තර්ජනය පොලිස් දෙපාර්තමේතුව වශයෙන් තරයේ හෙළා දකින බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටක් කීය.
මෙම තර්ජනය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
CID ඩිරෙක්ටර් ශානි අබේසේකර කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බිහිවූ දක්ෂතම, අවංකම නිලධාරියෙක්.
ශානි අබේසේකර මහතා ඔහුගේ සේවා කාලයේ දි ඉතා විශිෂ්ඨ සේවයක් කල මහත්තයෙක්.
මනෝජ් ගමගේ මහතාට ජයවේවා!
ඉතා පහත් ලෙස හැසිරෙන අය ලැජ්ජා විය යුතුයි. නිතිය මුදලට යට නොවිය යුතුයි.
නුසුදුසු පුද්ගලයෝ නීතිවේදියෝ වුනහම වෙන ප්‍රශ්න තමයි මේ.
කට විතරයි වැඩ නැහැ. පුස් වෙඩි....
මෙතන තියන මූලිකම ප්‍රශ්නය මෙම වෛද්‍යවරයාගේ පැහැදිලිව පෙනෙන්න තියන මූල්‍ය වංචා පිළිබඳව නිවැරදිව පරීක්ෂණ නොකරන්නේ අැයිද කියන එකයි...
කිසිදු විද්‍යාත්මක සොයාබැලිමක් නොමැතිව ගැහැණුන් සහ ඇතැමුන් කෑගැසූ පමනින් ඔවුනට නීතිය යටවිය යුතු නැත.
ශානි කියන්නේ තනිකරම දේශපාලන බළල් අතක්, මෙයා යම් විමර්ශනයක් කරනවා නම් ඒකට රටේ ප්‍රධානම දේශපාලන දෙපලගේ අවසරය ලැබෙන්න ඕනෑ.. කවුරුහරි කියන්න බලන්න මෙයා සම්පූර්ණ කරපු දේශපාලන පසුබිමක් නොමැති අපරාධයක්...
තර්ජනයක් නෙමෙයි, ඔය දේශපාලකයින්ට කඩේ ගිහින් තමන්ගේ රාජකාරිය පැහැර හරින රජයේ නිලධාරී කොයිකාටත් ජම්පරය තමයි උරුම...
වෛද්‍ය රතන ස්වාමීන් වහන්සේගේ අඩි පාරේ යන නීතිවේදියෙක්...
ශානි අබේසේකර පිළිබඳව අප තුළද යහපත් චිත්‍රයක් පෙරදී පවතී. නමුත්, ඔහුගේ දක්ෂතාවය කෙසේවුවත් මෙම විමර්ශනය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරිකර ඇත.
ශානි අබේසේකර සාෆිගෙන් අල්ලස් වගේම රනිල්ගේ හෙංචයියෙක්...
මේ ශානි අබේසේකරට නඩු මවන්න පුළුවන්. අර කොටකෙතන නඩුවේ අහිංසකයෙක් හිරේට යැව්වා. වාස් ගුණවර්ධන මෙයට තර්ජනය කළා. දැන් ආයෙත් මෙයාව බය කරලා... තොත්ත බබෙක්...
අද ඉන්න සමහරු සහතික පෙන්නලා තැන ලබාගෙන බොරුම කියලා කරලා රටම නැතිකර තමන් මැරෙනකන් සුදිය කියා ඒ ඒ අය හිතන හිතළු රජකරවන්න වෙරදරණ නුසුදුසු අය තමයි. නමුත් මේ ස්වාධීන කොමිෂන් ඇවිත් තනිබලයට වැඩකරන්න මෙතෙක් තිබුණු අයිතිය අහිමිවී ඇති නිසා කෙරුම් කාරයෝ වගේ පෙන්නගෙන හිටි නුසුදුස්සෝ කාටත් පේන්න පටන්ගෙන තියෙන්නේ, අද එදා වගේ කෑකෝ ගැහැව්වට වැඩක් නැති අතර යම් නීතියක් නීතියක් ලෙස නීතිවේදියෝ පිරිසක් විසින් ක්‍රියාවේ යෙදවෙන නිසා හරියට නීතියට හසුවෙන විදිහට පැමිණිලි නැත්නම් වැරදි කළත් නිදහස් වෙනවා තමයි. ඒ නිසා පැමිණිලි දාන අය ඉස්සර වගේ නොකර හරියට කරන්නේ නැතුව බොරුවට කෑකෝ ගහලා, උපවාසකරලා හෑල්ලුවෙන්නේ නැතුව ඒ පැමිණිලි කරන අය එසේ බුද්ධිමත්ව නිෂ්ශ්බ්දව හරියට කළොත් වැරදි කර කිසිවෙකුට බේරෙන්න බැරි සමාජයක් බිහිවීමට අවශ්‍යම මූලික අඩිතාලම වැටිලයි තියෙන්නේ... පරණ පුරුද්දට මම කෙරුම වීමේ අහංකාරයෙන් සද්දෙ දාලා වැරදි කරපු එකාට බේරෙන්න මග හදාගන්න පහසුකරලා, මේ කරනවා වගේ වැඩ කළොත් වෙනදේ දැන් පේනවද? බුද්ධිමතුන් සද්ද නැතිලු හරියට ගැඹුරු මහා මුහුද වගේලු. මෝඩයෝ සද්දේ දාල වෙරළේ හැපිලා ආපසු යන රැල්ල වගේලු. කටකහනවට කියපුව නොවෙයි ඕවා...