IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘නීතිගරුක සමාජයක් ගොඩනගන්න සියලු පක්ෂ කැපවිය යුතුයි’


(නිමල කොඩිතුවක්කු)
 
නීති ගරුක, යුක්ති ගරුක සාධාරණ සමාජයක් ගොඩනැගීම  සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සියලූ කණ්ඩායම් කැපවිය යුතුව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවැසීය.


රටේ උගත්  තරුණ කොටස් රට අතහැර යාම පිළිබඳ  වේදනාවෙන් බලාසිටින බවත් ඒ අයට රට ගැන , ඒ අයගේ අනාගතය ගැන විශ්වාසයක්  ඇතිකළ යුතුව ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය.


කථානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කලේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක‍්‍රියාකාරිත්වය (පැෆරල්) සංවිධානයට වසර 30ක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (14) පැවති උත්සවයකට එක්වෙමිනි.


එම උත්සවයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් දෙපාර්තමේන්තුව, මාධ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇගයීමක්ද සිදුකෙරිණි.


පැෆරල් සංවිධානයේ හිටපු සභාපතිවරයකු වන ආචාර්ය ගොඞ්ෆ‍්‍රි ගුණතිලක භාරකාර අරමුදල’’  ආරම්භ කිරීම සහ ‘‘පැෆරල් ගමන් මග’’ කෘතිය දොරට වැඩීමද එහිදි සිදුකෙරෙණි.


එහිදී අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කිය.


   ‘‘මේ රටේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා පැෆරල් සංවිධානය ගත් උත්සාහය අගය කළ යුතුයි. නිසි වෙලාවට මැතිවරණ පැවැත්වීම,  නිදහස් හා සාධාරණ මැතිවරණයක්  පැවැත්විම, ඡන්ද දායකයාගේ අයිතිය වන  තමන්ට කැමති දේශපාලන  දර්ශනයක්, දේශපාලන නියෝජනයතක්  තෝරා ගැනීම වෙනුවෙන් පැෆරල් සංවිධානය විශාල මෙහෙවරක් ඉටුකලා.


මැතිවරණ වලට විවිධ බාධා පැමිණි අවස්ථාවලදී පැෆරල් සංවිධානය සෘජුව මැදිහත් වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිම වෙනුවෙන් කැපවුණා.  17 වන සංශෝධනය ඇතිකිරීමේදිත්  විශාල මෙහෙවරක් කළා.


මැතිවරණ නිරීක්ෂණ  සඳහා පැෆරල් සංවිධානයේ නියෝජිතයන් ගුටි කෑවා,  බැනුම් ඇහුවා, සමහර වෙලාවට පොලීසි යන්න වුනා. ඒ වගේ විවිධ බාධක ඇතිවුනා. පැෆරල් ආයතනය අනිකුත් සිවිල් සංවිධාන  සමග එකතුවෙලා නිදහස් හා සාධාරණ මැතිවරණ  ලබාදිම වෙනුවෙන් ක‍්‍රියාකළා.


අපේ රටේ ජනතාව වෙනුවෙන් පැෆරල් සංවිධානයට තවත් විශාල වැඩකොටසක් ඉදිරියේදි කරන්න තියෙනවා. නිසිකලට මැතිවරණ  පැවැත්විම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.  නිසි කලට මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් අද රටේ විශාල  හඩක් නැගිලා තියෙනවා'

(ඡායාරූපය - ගයාන් අමරසේකර)

 



අදහස් (0)

‘නීතිගරුක සමාජයක් ගොඩනගන්න සියලු පක්ෂ කැපවිය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site