IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


‘නීතිගරුක සමාජයක් ගොඩනගන්න සියලු පක්ෂ කැපවිය යුතුයි’


(නිමල කොඩිතුවක්කු)
 
නීති ගරුක, යුක්ති ගරුක සාධාරණ සමාජයක් ගොඩනැගීම  සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සියලූ කණ්ඩායම් කැපවිය යුතුව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවැසීය.


රටේ උගත්  තරුණ කොටස් රට අතහැර යාම පිළිබඳ  වේදනාවෙන් බලාසිටින බවත් ඒ අයට රට ගැන , ඒ අයගේ අනාගතය ගැන විශ්වාසයක්  ඇතිකළ යුතුව ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය.


කථානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කලේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක‍්‍රියාකාරිත්වය (පැෆරල්) සංවිධානයට වසර 30ක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (14) පැවති උත්සවයකට එක්වෙමිනි.


එම උත්සවයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් දෙපාර්තමේන්තුව, මාධ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇගයීමක්ද සිදුකෙරිණි.


පැෆරල් සංවිධානයේ හිටපු සභාපතිවරයකු වන ආචාර්ය ගොඞ්ෆ‍්‍රි ගුණතිලක භාරකාර අරමුදල’’  ආරම්භ කිරීම සහ ‘‘පැෆරල් ගමන් මග’’ කෘතිය දොරට වැඩීමද එහිදි සිදුකෙරෙණි.


එහිදී අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කිය.


   ‘‘මේ රටේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා පැෆරල් සංවිධානය ගත් උත්සාහය අගය කළ යුතුයි. නිසි වෙලාවට මැතිවරණ පැවැත්වීම,  නිදහස් හා සාධාරණ මැතිවරණයක්  පැවැත්විම, ඡන්ද දායකයාගේ අයිතිය වන  තමන්ට කැමති දේශපාලන  දර්ශනයක්, දේශපාලන නියෝජනයතක්  තෝරා ගැනීම වෙනුවෙන් පැෆරල් සංවිධානය විශාල මෙහෙවරක් ඉටුකලා.


මැතිවරණ වලට විවිධ බාධා පැමිණි අවස්ථාවලදී පැෆරල් සංවිධානය සෘජුව මැදිහත් වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිම වෙනුවෙන් කැපවුණා.  17 වන සංශෝධනය ඇතිකිරීමේදිත්  විශාල මෙහෙවරක් කළා.


මැතිවරණ නිරීක්ෂණ  සඳහා පැෆරල් සංවිධානයේ නියෝජිතයන් ගුටි කෑවා,  බැනුම් ඇහුවා, සමහර වෙලාවට පොලීසි යන්න වුනා. ඒ වගේ විවිධ බාධක ඇතිවුනා. පැෆරල් ආයතනය අනිකුත් සිවිල් සංවිධාන  සමග එකතුවෙලා නිදහස් හා සාධාරණ මැතිවරණ  ලබාදිම වෙනුවෙන් ක‍්‍රියාකළා.


අපේ රටේ ජනතාව වෙනුවෙන් පැෆරල් සංවිධානයට තවත් විශාල වැඩකොටසක් ඉදිරියේදි කරන්න තියෙනවා. නිසිකලට මැතිවරණ  පැවැත්විම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.  නිසි කලට මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් අද රටේ විශාල  හඩක් නැගිලා තියෙනවා'

(ඡායාරූපය - ගයාන් අමරසේකර)

 



අදහස් (0)

‘නීතිගරුක සමාජයක් ගොඩනගන්න සියලු පක්ෂ කැපවිය යුතුයි’

ඔබේ අදහස් එවන්න

දියත

බැසිල් ඉක්මනට එනවා
2024 පෙබරවාරි මස 29 164 0

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


බස් රථ දෙකට මැදී වු ත්‍රිරෝද රියදුරා අවසන් ගමන් යයි
2024 පෙබරවාරි මස 29 356 0

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසි


ගුවන් සමාගම විකිණීමට ලංසු කැඳවයි
2024 පෙබරවාරි මස 29 264 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජකයකුට විකිණීම සඳහා ලබන 5 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය


පොලීසියට ඔත්තු දුන්නැයි පිහියෙන් ඇන මරලා
2024 පෙබරවාරි මස 29 414 0

වැලිපැන්න පොලිස් වසමේ මල්වතු කන්ද ප්‍රදේශයේදී 33 හැවිරිදි පුද්ගලයෙකු පිහි පහරදී ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.


නව පොලිස්පති වැඩ භාරගනී
2024 පෙබරවාරි මස 29 292 0

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.


බසය පෙරැළි සිසුන් 35 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 29 252 0

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 395 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 340 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site