ජයන්ත සමරකොන්
‘මට දැන් සුවයි. නඩු කටයුතුවලට මුහුණ දෙන්නට හැකි ඉක්මණින් ලංකාවට එනවා.’ යැයි සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සුවදුක් බැලීම සඳහා සිංගප්පූරුවට ගොස් ආපසු පැමිණී අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
සැත්කමින් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා අවුරුදු 20 කින් මෙහාට තරුණ වෙලා. කවුරුත් ඉල්ලන ජනපති අපේක්ෂකත්වයට පමණක් නොවෙයි ඔහු ඕනෑම දෙයකට සුදානම් යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කටකතා හරියට යනවා. මට ඇමෙරිකාවේ පුරවැසිභාවය තිබුණා නම් සිංගප්පූරුවේ රෝහලකට විශාල මුදලක් ගෙවා ප්‍රතිකාර ලබන්නට අවශ්‍ය නැතැයි ඔහු සමඟ කළ කතාවකදී විශේෂයෙන් සඳහන් කළ බව මන්ත්‍රීවරයා කීය.
යෝගා ව්‍යායාම කළ හිටපු හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් නිර්භීතයි ජවසම්පන්න යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දාපුවාම ඒවා විභාග කරනවාට විරුද්ධව අභියාචනා දාලා, ඒ අභියාචනා නිෂ්ප්‍රභා වුණාම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ගොනුකරපු එක්කෙනාට මොකද දන්නේ නැහැ හදිසියේම නඩුවලට පෙනී ඉන්න හිතුනේ?
අවුරුදු 5කම උසාවි නියෝග අරගෙන ඉදිරිපත් නොවී හැංගි හැංගි හිටියා. ලංකාවේ රෝහල්වලින් බෙහෙත් ගන්න නැතිව පිටරටවලට ගිහිල්ලා බෙහෙත් ගන්නේ... මහජනතාවගේ සල්ලිද කොහෙද? තවමත් බිරිඳ ළමයි ඇමෙරිකන් පුරවැසියෝ... හැබැයි කතාව මම තරම් දේශප්‍රේමියෙක් නැහැ කියලා. ඔය හැමකෙනාම දේශපාලනයට එන්නේ අපට ඇති ආදරේට නෙවෙයි. ඔවුන්ගේ පවුල්වලට ඇතිතරම් හම්බ කරන්න. ඊට පස්සේ හැමදේකින්ම කොමිස් ගහලා රටේ දේපළත් විකුණන් කනවා. අපේ මෝඩ ජනතාවත් මාරුවෙන් මාරුවට රැවටෙනවා...
කොහොමත් සිංගප්පූරුවේ පළමු පන්තියේ රෝහලක මාස ගණන් ප්‍රතිකාර ගන්න එතුමාට සල්ලි තියෙනවා. අපට ඒකම ලොකු හයියක්...
එතකොට අවුරුදු 4ක් පුරාවට විවිධ හේතු දක්වමින් නඩුව අහන්න නොදී කල් ගත්තේ මොන මගුලකටද? අපි කියන්නම් හේතුව... චෝදනාවලට වැරදිකාරයා බව මෙයා දන්න නිසයි. එහෙම දැනගෙනත් තවත් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ සියල්ලෙන් නිදහස්වීමට නෙමෙයිද?
මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි හරක් කියලා වෙන්න ඇති. නඩුවලින් බේරෙන්න පැනපු පැනිලි අමතක වෙන්න මැරිලා ඉපදෙන්න ඕනෑ. එක අතකින් මේවා කියන මිනිහගේ මෝඩකතා අපි ඕනෑතරම් අහලා තියෙනවනේ, 2500/- කතාව වගේ. එන ඡන්දෙකදී වත් මේ ඉන්න 225ම නැතුව අලුත් කට්ටියක් පත් කරන්න හිතාගනිමු.
ඔහොම බයේ රටින් රටට පැනපැන රටක් පාලනය කරන්න පුළුවන්ද? සරත් ෆොන්සේකා මහත්තයා වගේ නිර්භීත සොල්දාදුවෙක් වෙන්න රට ඉල්ලන්න ඉස්සෙල්ලා...
අනේ හොඳයි.. අපිත් මේ මග බලාගෙනම ඉන්නේ ඇවිත් නඩු කටයුතුවලට මුහුණ දෙන හැටි... ඉක්මණට එන්නකෝ.. ජනාධිපතිකමත් බන්දේසියේ තියාගෙනම තමයි ඉන්නේ...
එයාගේ ජවය බලන්නද බන්දුල ගිහින් තියෙන්නේ? ජනාධිපති ධුරයට පත්කරගත්තට පස්සේ කාටකාටත් ජවය බලාගන්න පුළුවන් වෙයි.
ඇමෙරිකාවේ පුරවැසිභාවය තිබුණත් මෙහෙ වගේ නොමිලේ බෙහෙත් දෙන්නේ නැහැ. අනික සිංගප්පූරු ගියේ මෙහෙ රෝහල් හොඳ මදි හින්දද? අනාගතේ ජනපති වෙන්න ඉන්නවා නම් ආදර්ශමත් විය යුතුයි. ප්‍රභූ කියලා නැහැ. මලා නම් කුණුවෙනවා.
මට මතක් වෙනවා. රුසියානු ජනාධිපති වරක් අප්‍රිකානු රටවල් කිසිදිනක සංවර්ධනය නොවන සොහොන් භූමියක් ලෙස හැඳින්වූවා. ඊට හේතුව තමයි... එම රටවල පාලකයන් හා ධනපතියන් තම රටේ සම්පත්වලින් ධනය උපයා... ඔවුන් එම ධනය වියදම් කරමින් නිවාඩු සුවය ගත කරන්නේ බටහිර රටවලට, බෙහෙත් ගන්න යන්නේ බටහිර රටවලට, අාගම අදහන්න යන්නේ රෝමයට හෝ මක්කමට. විවාහයට කාන්තාවන් හොයාගන්නේ සුදු නෝනලා, දරුවන්ට උගන්වන්න යවන්නේ පිටරට, වත්කම් මිලදීගන්නේ පිටරටවලින්. මෙයාදී ලෙස රටේ සම්පත්වලින් උපයන ධනය තම සියලු කටයුතු උදෙසා පිටරටට වියදම් කරනවා. අවසානේ මැරුණම මිනිය පමණක් රටේ වලදානවා. අවසානේ රටේ සොහොන්කොත් පමණයි. මේක ලංකාවටත් කොපමණ අදාලද? එ් රටවල නම් ඔවුන් වියදම් කරන්නේ රටේ සම්පත්වලින් උපයපු ධනය... එ්ත් අපේ ලංකාවේ...?
පොලිස්කාරයෙක් දැක්කගමන් දුවලා. දුවලා ගිහින්.. රෝහලක ඇඳට නගින්නේ මෙයා නේද..? " මද්දුම බණ්ඩාරට වුනෙත් ඕකම තමයි. අයියන්ඩිට වීරකම් පෙන්නන්න ගිහින් බෙල්ල ගහලා ගියානේ.. "
එනගමන් අර ඇවන්ගාර්ඩ් සිද්ධියට පැටලිලා ඉන්න යාළුවො දෙන්නත් එකතු කරගෙන ආවොත් තමයි හොඳ.
අවුරුදු 20කින් මෙහාට තරුණ වෙලා එන්න පුළුවන් නම් මටත් ආසයි ඔය ඉස්පිරිතාලෙට යන්න...
නඩුවට සම්බන්ධ දෙන්නෙකුත් රටින් පැනලා අාවේ සිංගප්පූරුවට නේද? ඔබ මේ ගැන හොඳට දන්නවා රෝහල්ගත වෙන්න කලින්. කරපු සැලසුම්, හොරු හිතන් ඉන්නේ අපේ රටේ බුද්ධි සේවාව, අධිකරණය. මෝඩයි කියලා.. මෝඩකම නෙමේ... නීතිය නැතිකම... නැතිනම් ඔය කරන්නේ... පොලිස් මහත්තුරු කූඩුවේ තියාගෙන... කවදා හරි මම ජනාධිපති වුනොත් බලන්න. දුප්පත්ගේ දේ හොරාකපු උන් යහතින් ඉඳීද? කියලා කස පහර දෙන්නේ මගේ අතින්...
සිරිකොත සෙට් එක තරගෙට කමෙන්ට් දානවා. සෑහෙන්න රිදිලා වගේ.
අනේ යන්න..... තව නඩු රොත්තක් පෝලිමේ ඉන්නවා ඔය මුණ දකින්න..
"සැත්කමින් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා අවුරුදු 20 කින් මෙහාට තරුණ වෙලා. " කොහොම හිනාවෙන්නද මන්දා
"ඇමෙරිකාවේ පුරවැසිභාවය තිබුණා නම් සිංගප්පූරුවේ රෝහලකට විශාල මුදලක් ගෙවා ප්‍රතිකාර ලබන්නට අවශ්‍ය නැතැයි" ඇමෙරිකාවෙ පිනට බෙහෙත් නැත.. අනික ලංකාවේ වගේ නඩු අහන්න එපා කියා ඇමෙරිකාවේ නියෝග ගන්න බැහැනෙ.. ඒකනෙ එහේ නොගියෙ.
මොහු කියන්නේ අමුලික කෙබර . මොහුට සැත්කමක් කරලා නැහැ . රටෙන් පැන්නේ තිබෙන තත්වය අනුව අත්අඩංගුවට ගනීවී කියන බයටයි... අපි දන්නවා මොහුගේ ඇමරිකානු පුරවැසිකම අහෝසිකරලා නැතිබවත් . එහෙම අහෝසිවෙලා නම් ඔහුට විරුද්ධව මෙහෙ අධිකරණයේ පවරා තිබෙන නඩු ගණනාවක් ගොනු කිරීමට බැරිබව නොදන්නා මෝඩයන් මෙහෙ නැත .ඒක නිසා අපි කියනවා මොහු කියන කිසිම දෙයකට මුලා වෙන්න එපා කියා .