
(රංජිත් රාජපක්ෂ)
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය නල්ලතන්නිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කොටසක් නායගොස් ඇති බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය පැවසිය.
එම මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය ගොස් ඇත.
නායගිය ස්ථානයේ ප්‍රධාන මාර්ගය හරහා ඉදි කර ඇති ජලය ගලා බසින බොක්කුවක් අවහිර විම නිසා වැඩි ජලය ප්‍රධාන මාර්ගය හරහා ගල බැසිම හේතුවෙන් මාර්ගයේ කොටසක් නායගොස් ඇති බව ප්‍රදේශවාසිහු කියා සිටිති.
පවත්නා තත්ත්වය මත නායගිය ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති අතර ,මාර්ගයේ නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කරන බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd